රැකියාව කරන්න එපා වෙනවද ?..එහෙනම් මේ ලිපිය කියවලාම බලන්න
පියල් වයස අවුරුදු 32
ක විවාහක එක්දරු පියෙකි. විද්‍යා උපාධිධාරියකු වන ඔහු පුද්ගලික සමාගමක
විධායක නිලයක් දරයි.ෙතද හිසරදය, නින්ද නොයෑම, සිතට බියක් ඇතිවීම,
ඇඟපත කැක්කුම, ජීවිතය ගැන කළකිරීම, රැකියාව එපාවීම, හිත එක තැනක තබා ගැනීමට
නොහැකිවීම, කේන්තියාම, රැකියාවේ වැඩ කිරීමට නොහැකියාව, නුරුස්නාගතිය,
රැකියාව ගැන අවිශ්වාසය, වැඩ ගොඩ ගැසීම ආදී
ප්‍රධානතම ප්‍රශ්න පියල්ට තිබුණි. මෙයට අමතරව සමහර දිනවල දී රාත්‍රී 10
පමණ වනතුරු සේවය කිරීමට සිදුවීම, නිවාඩු ගැනීමට නොහැකිවීම, ගෙදර සිටියත්
රැකියාවේ ගැටලු දුරකථන පණිවිඩ මගින් විසඳීමට සිදුවීමත් පියල්ට තිබුණ
ප්‍රධානතම හිතට වදදෙන ගැටලු විය.
මා මෙහි සඳහන් කළේ පියල්ට තිබුණු ප්‍රධානතම ගැටලු සමූහයයි. තවත් ගැටලු රාශියක් විය. තරුණයකු වූවද පියකු වූවද පියල්ට තම ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ නොහැකි විය. හොඳ පඩියක් ලැබුණත් එයින් සතුටට පත්වීමට ඔහුට නොහැකිවිය. හොඳ බිරිඳක් ඔහුට සිටියත් ගෙදර සිටින්නේ තදබල අපහසුතාවයකිනි.මෙවන් දිවියක් පියල් කෙදිනකවත් බලාපොරොත්තු නොවීය. ප්‍රතිකාරවලින් සහනයක් නොලද ඔහු ඉතාම අසරණ තත්ත්වයක සිටියේය.
පියල්ට සිදුව තිබුණේ කුමක්ද? මෙය අද සමාජයේ සිටින විශේෂයෙන්ම විවිධාකාර රැකියාවල යෙදෙන අයට ඇති රෝගී තත්ත්වයකි. මෙය විශේෂිත චර්යාවක් සමගින් මතුවන්නකි. සෞඛ්‍ය මනෝවිද්‍යාව (Health Psychology) එම චර්යාව. Type A Coronary – prone behaviour හෙවත් Type A Behaviour නමින් හඳුන්වනු ලබයි. Dunbar (1978) දී මුලින්ම හඳුනාගත් මෙම චර්යාව, Mcmichel (1978) දී මානසික ආතතිය සමඟින් එක්තරා විශේෂිත කණ්ඩායමකට මතුවන හෘද රෝග ලක්ෂණවලට සබඳතාව දක්වන්නක් බව පෙන්වා දී ඇත.
මෙම චර්යාව හා මනෝවිද්‍යාව සබඳතා දක්වන්නේ කෙසේද? ‘මානසික ක්‍රියාකාරිත්ව හා චර්යාව පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම’ වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වයි. මේ හෙයින් කුමන හෝ චර්යාවක් විස්තර කිරීම, අධ්‍යයනය කිරීම වැනි දෑ මනෝවිද්‍යාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයකි. මනෝ විද්‍යාව හා චර්යාව අතර සබඳතාවය John B Wodson නමැති අමෙරිකානු මනෝවිද්‍යාඥයා විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. මෙයට උත්තේජන – ප්‍රතිචාර සබඳතාවය ද විස්තර කර ඇත.
ඉගෙනීම චර්යාවේ ස්ථිර වෙනස්වීමක් ලෙසට අර්ථකථනය කර ඇත. Ivan Pavlov හා B. B. Skinner නැමති මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂණවලට අනුකූලව චර්යාවන් අලුතින් ඉගෙනගත හැක. චර්යාවන් හඳුනාගත හැකිය. එසේම චර්යාවන් නැතිවී ගිලිහී යනු ඇත. චර්යාවන් පාලනය කිරීමටද හැකිය. ඉහත මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති සිද්ධාන්තවලට අනුකූලව Behavioural Theapy නැමති මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ගොඩනැගී ඇත.
චර්යාව අධ්‍යයනය කිරීමෙන්, චර්යාව නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයකුගේ මානසික තත්ත්වයේ යම් යම් ඇගයීම් (Assesment) කිරීමට හැකිය. මෙය ප්‍රතිකාරවලදී වැදගත් වන්නකි. එම ඇගයීම තුලින් පුද්ගලයකුගේ පෞරුෂත්වය, ආතතිය, විශාදය, කාංසාව, වැනි මානසික ක්‍රියාකාරිත්ව පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමට හැකිය.
මේ හෙයින් චර්යාව මනෝවිද්‍යාවට හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සංවිධානයට ඉතාම වැදගත් කරුණු ලබාදෙයි. චර්යාව එක් එක් අයගේ විවිධ වනු ඇත. පුද්ගලයින්ගේ වයස, ස්ත්‍රි පුරුෂ භාවය, රැකියාව, වගකීම, අධ්‍යාපනය, සමාජ තත්ත්වය, සිතුවිලි මතිමතාන්තර අනුව වෙනස්වනු ඇත. මෙම චර්යාව පෙන්වනු ලබන අය ඉතාම තරගකාරී පරිසරවල යම් යම් ඉලක්ක කරා, ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරයි. එසේම ඔවුන් ඉක්මනින් කලබලවන, ඉතා හයියෙන් කතා කරන, සංසුන් මනසක් රහිතයි. එසේම ඔවුන් ඉක්මනින් කේන්ති යන, නොසන්සුන්, ඉක්මන්වන, ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකි, සුළු දෙයකින් පවා සැලෙන පුද්ගලයින් වනු ඇත. ගෙදර සිටියත් රැකියාව ගැන හිතයි. සැකයක් ඇත. උසස්වීම් පිළිබඳව සැක ඇත. කරන ලද වැඩ හරියට කළාද යන්න හිතයි.

මෙවන් පුද්ගලයින් තමන්ගේ සේවා පරිසරයේදී
1. විශාල වැඩ කොටසක් කරන අතර; ඉතා වැඩි කාලයක් ඒ සඳහා ගත කරයි.
2. ගෙදර යනවිටදී රස්සාවේ වැඩ ගෙන යයි. සැහැල්ලුවක් නැත.
3. නිවාඩු නොගනී.
4. අන් අය සමඟ තරගකාරීව වැඩ කරයි. තමන්ට යාමට නොහැකි තත්ත්වයන් ගැන හිතයි.
5. රාජකාරි ගැන ඉතා ඉක්මනින්ම කළකිරේ.
6. තමාගේ පහල නිලධාරින් සමඟ නිතරම රණ්ඩු කරයි.
7. ඉහළ නිලධාරින් ගැන වැරදි අවබෝධ දරයි.
මෙම තත්ත්වය අද සමාජයේ සිටින මෙවන් රාජකාරි කරන පුද්ගලයින් සතුව ඇත. පියල්ට ද මෙම තත්ත්වය ඉතාම නොඅඩුව තිබුණි. මෙම චර්යා රටාව තරුණ වයසේ දී යම් ප්‍රමාණයකට ඔරොත්තු දුන්නද ක්‍රම ක්‍රමයෙන් වයසට යනවිටදී එය විවිධාකාර ශාරීරික රෝග ඇතිකරලීමට හේතුවක් වනු ඇත.
පියල්ට ද මෙම තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Psychological Treatment) මාලාවක් ආරම්භ කරනු ලැබීය. රෝගී තත්ත්වය පිළිබඳව ඉතා සරල අවබෝධයක් සමඟම ඔහුට මානසික සංතුලනය උදෙසා ප්‍රතිකාර ආරම්භ විය. එය පියවර දෙකකින් සිදුකරන අතරේදී පියල්ට තම රැකියා ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය යොමු කිරීම් ආරම්භ විය.
ගැටලු කළමනාකරණය, සිතුවිලි කළමනාකරණය අශුභවාදී සිතුවිලි කළමනාකරණය පියවරින් පියවර ආරම්භ විය. එසේම තමන්ගේ වෘත්තිමය ක්‍රියා සංවිධානය හා තම සේවකයන් කළමනාකරණය කිරීමේ ක්‍රමයත් පියල් ආරම්භ කළේය. තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානයද විවිධාකාර අන්දමින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය මානසික උද්දීපනය පියල්ට ලබා දුනිමි. එසේම වෙනස්කම් ඇතිවීමත් සමඟම පියල්ගේ ජීවන රටාව වෙනස්කර ගැනීමට අවශ්‍ය පියවර ඔහු ගනු ලැබීය. මෙම ප්‍රතිකාර මාලාව ඉතාම ක්‍රමිකව හා සංවිධානාත්මකව කරගෙන යන විටදී ආකල්ප වෙනස් කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය.
පියල්ට ඉතා ඉක්මන් සුවය අවශ්‍ය වූවද එය ක්‍රම ක්‍රමයෙන් පියවරින් පියවරට ලබාදීමට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මාලාව ඔහුට ලබා දුනිමි. එහිදී ඔහු විසින්ම තම ප්‍රගතිය මැන ගැනීම හා ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම කරගනු ලැබීය. මේ සඳහා මාස 2 1/2 ක කාලයක් ගත වූ අතර එය ඔහුගේ උනන්දුව අවශ්‍යතාව හා පවුලේ අයගේ සහයෝගය ඉතාම වැදගත් විය.දැන් පියල් ස්වාධීනව කටයුතු කරන, තම රැකියාව හොඳින් සතුටින් කරන කායික හා මානසික සෞඛ්‍ය මෙන්ම සමාජයීය තත්ත්වයද හොඳින් ඇති පුද්ගලයෙකි.
මෙවන් Type A Behaviour ඇති අය නියම අන්දමින් ප්‍රතිකාර ලබා ගැනීම තුලින් තම රැකියාවන් හොඳින් කරන අයවනු ලබන අතර කායික හා මානසික සෞඛ්‍යය හොඳින් ඇති කාර්යක්ෂම පුද්ගලයින් වනු ඇත.
(ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරිනි.වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගතව ඇති බැවින් මෙම ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පලකර ඇත.)