විවාහදිවිය ලිංගිකත්වය හා අනියමි සබදතා


      අපේ සමාජයේ පවුල් අතර අද දක්‌නට ලැබෙන දෙදරා යැම්වලින් සියයට අසූවකට පමණ හේතු වී තිබෙන්නේ ලිංගිකත්වය ගැන අඹු සැමියන් අතර ඇති අනවබෝධයයි. බොහෝ දෙනෙක්‌ මෙය විවෘතව සාකච්ඡා කිරීමට අකමැති මාතෘකාවක්‌ වන නමුත් එසේ සඟවා සිටීමෙන් සිදුවන්නේ පවුල් සංස්‌ථාව දෙදරා යැමට ලක්‌වීමයි.විවාහ සංස්ථාව තුලදි ඇතිවන ලිංගික ගැටලු සාකචිඡා කර එවාට විසදුමි පිළියමි යෙදීම නොකල හැකි කාර්යක් නොවෙ.ලිංගිකත්වය පිළිබඳ ඔවුනොවුන්ට ඇතිවන ගැටලුවලට අද බොහෝ අඹු සැමියන් විසඳුම් සොයන්නට පෙළඹී සිටින්නේ අනියම් සබඳතා ඇතිකර ගැනීමෙන්. වර්තමාන සමාජයේ සෑම පවුල් සියයකින් පවුල් හතළිහක්‌ විවිධ ප්‍රශ්නවලට මුහුණ පා සිටිනවා. ලිංගිකත්වය ඒ අතරින් ප්‍රධාන ප්‍රශ්නයක්‌. ලිංගිකත්වය ප්‍රශ්නයක්‌ බවට පත්වීමට බලපාන එක්‌ හේතුවක්‌ ලෙස සැකය හඳුන්වන්න පුළුවන්. සැකය යමෙක්‌ තුළ මානසික රෝගයක ලක්‍ෂණයක්‌ ලෙසත් මතුවන අවස්‌ථා තිබෙනවා. ඊට අමතරව යමෙක්‌ තුළ ලිංගිකත්වය පදනම් කර ගෙන මතුවන සැකය නිසාත් ලිංගිකත්වය ඔහු තුළ ප්‍රශ්නයක්‌ බවට පත්වෙනවා.

         ලිංගික මාත්සර්ය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය වර්තමාන බොහෝ අඹු සැමියන් අතර දක්‌නට ලැබෙනවා. කිසිදු හේතුවක්‌ නැතිවත් තම බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා වෙනත් පුරුෂයකු හෝ ස්‌ත්‍රියක සමග අනියම් සබඳතාවක්‌ ගොඩනගාගෙන ඇතැයි ලිංගික මාත්සර්යෙන් පෙළෙන කෙනෙක්‌ තුළ සැකයක්‌ ඇතිවෙනවා. මෙය ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කොට ඇතිවන තත්ත්වයක්‌. මෙය වැළඳුණු පුද්ගලයා කිසිදු සාධාරණ හේතුවක්‌ නැතිව තම බිරිඳට හෝ ස්‌වාමිපුරුෂයාට විවිධ තහංචි පනවන්නට පෙළඹෙනවා. තනිව ගමන් බිමන් යැමට, හුදකලාව සිටීමට තම බිරිඳට හෝ ස්‌වාමි පුරුෂයාට ඉඩ නොදෙන එබඳු අය පසු කාලයේ එයටත් වඩා දැඩි තහංචි පනවන්නට පවා පෙළඹෙනවා.

ලිංගික මාත්සර්ය වැළඳුනු පුද්ගලයකුට තම බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා සමග තෘප්තිමත් ලිංගික සබඳතාවක්‌ පැවැත්වීම අපහසුයි. මෙය අද බොහෝ පවුල් තුළ දක්‌නට ලැබෙන විවිධ අඬදබර, දික්‌කසාද වීම් පමණක්‌ නොව සියදිවි නසාගැනීම් පවා සිදුවීමට හේතු විය හැකි කාරණයක්‌. බොහෝ අවස්‌ථාවල අඹු සැමියන් එකිනෙකා අතහැර යැම, අනියම් සබඳතා ඇතිකර ගැනීම වැනි තත්ත්වයන් ඇතිවීමටත් ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කරගෙන කෙනෙක්‌ තුළ ඇතිවන සැකය හේතුවන්නට පුළුවන්. ලිංගික තෘප්තිමත්භාවය පිළිබඳ අද බොහෝ අඹු සැමියන් අතර නිවැරැදි වැටහීමක්‌ නොමැති නිසාත් මේ පිළිබඳව බොහෝ අඹු සැමියන් විවෘතව සාකච්ඡා කිරීමට අකමැති නිසාත් අද අතෘප්තිකර විවාහ ජීවිත ගත කරන පිරිස වැඩියි. මේ පිරිස අනියම් සබඳතාවලට හෝ වෙනත් විකල්පවලට යොමු නොවී මනෝවෛද්‍ය උපදේශනවලට සහභාගි වුවහොත් ඔවුන්ට තෘප්තිමත් විවාහ ජීවිතයක්‌ ගත කරන්න පුළුවන්. ලිංගික උපදේශනය තුළම ලිංගික ප්‍රතිකාරත් ක්‍රියාත්මක වන නිසා අද අඹු සැමියන් ලිංගිකත්වය ගැටලුවක්‌ කරගත යුතු නැහැ.

අඹු සැමියන් අතර බරපතළ අර්බුද ඇතිකරන අනියම් සබඳතා සඳහා කාන්තාවන් හෝ පුරුෂයන් පෙළඹෙන හේතු ගණනාවක්‌ තිබෙනවා. තම බිරිඳගේ ලිංගික අක්‍රියභාවය, ලිංගික කටයුතු කෙරෙහි පළවන අකැමැත්ත මෙන්ම අඹු සැමි සබඳතාවලදී ඇති වන වේදනාව වැනි හේතු මත ස්‌වාමිපුරුෂයකු අනියම් සබ¹වක්‌ ඇතිකර ගැනීමට පෙළඹෙන්න පුළුවන්. තම බිරිඳ තුළ මෙබඳු තත්ත්වයක්‌ ඇතිවීමට හේතු වී ඇති කරුණු පිළිබඳ හෝ ඇය සමග මනෝ උපදේශන සේවාවකට යොමු වී මේ තත්ත්වයට විසඳුමක්‌ ලබාගැනීමට බොහෝ ස්‌වාමිපුරුෂයන් කල්පනා කරන්නේ නෑ. ලිංගිකත්වයට දක්‌වන අකමැත්තට හේතු සොයන්නට ඕන. හේතු සොයාගෙන ඊට පිළියම් යොදන්නට පුළුවන්. අනියම් සබඳතා වැනි සමාජ විරෝධී කටයුතුවලට පෙළඹීමෙන් සිදුවන්නේ තම පවුල විනාශ වී යැමත් ඒ නිසා දරුවන් නොයෙක්‌ ෙ€දවාචකයන්ට ගොදුරුවීමත්ය.

කාන්තාවක්‌ ලිංගික අක්‍රියතාවට ගොදුරුවීමට මානසික හේතු බලපාන්නට පුළුවන්. එක්‌ අවස්‌ථාවක මනෝ වෛද්‍ය සායනයකට සහභාගි වූ තරුණ සැමියෙක්‌ තම බිරිඳ ලිංගික කටයුතු කෙරෙහි දැඩි අකැමැත්තක්‌ පළකරන බව කියා සිටියා. ඇය සමග කළ සාකච්ඡාවකදී හෙළිකර ගත හැකි වූයේ විවාහයට පෙර ඇය පුද්ගලයකුගේ ලිංගික අතවරයකට ලක්‌වූ තැනැත්තියක්‌ බවයි. තම සැමියා සමග ලිංගික සබඳතාවකට සැරසෙන සෑම විටකම ඇයට තමා අතවරයට පත් වූ අවස්‌ථාව මැවී පෙනෙන බව ඇය පවසා සිටියා. තමාට අතවර කළ පුද්ගලයා කෙරෙහි වෛරයත් ඒ සිදුවීම පිළිබඳ පිළිකුලත් නිසා ඇය ලිංගික කටයුතු දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන මානසික තත්ත්වයකට පත්ව සිටියා. මෙබඳු පශ්චාත් මානසික පීඩනයන් හරහා ලිංගික ජීවිතය ප්‍රතික්‍ෂේප කළ කාන්තාවන් අපේ සමාජයේ සිටිනවා. දෙමාපිය බලපෑම් හෝ වෙනත් හේතු මත විවාහ ජීවිතයට ඇතුළත් වුවත් මෙවැනි පශ්චාත් මානසික පීඩන මත ඇතිකරන අවිඥනික පෙලඹවීම් නිසා ඔවුන් ලිංගික ජීවිතයෙන් ඈත් වෙනවා.

මෙබඳු මානසික පීඩනයන්ට බොහෝවිට පත්වන්නේ තම පියා, මාමා, සහෝදරයා වැනි පවුලේ ළඟම ඥතීන්ගෙන් ලිංගික අතවරයන්ට ලක්‌වූ අය මනෝ වෛද්‍ය උපදේශනය තුළින් මෙබඳු තත්ත්වයන්ට සාර්ථකව පිළියම් යොදන්නට පුළුවන්.

විවාහ ජීවිතයට ඇතුළත් වීමට පෙර අඹු සැමි සබඳතා පවත්වන පෙම්වතුන් අද සමාජයේ බහුලව සිටිනවා. නමුත් ලිංගිකත්වය පිළිබඳ මේ වැඩිදෙනෙක්‌ තුළ නිසි අවබෝධයක්‌ නෑ. උපත් පාලන ක්‍රම, ලිංගික තෘප්තිය ආදිය පිළිබඳ මේ අය දරන ආකල්ප නිසා විවාහයෙන් පසු විවිධ ගැටලුවලට මේ අය මුහුණ දෙනවා. උපදේශන සේවාවන්ට යොමු වන මෙබඳු අය වැඩිදෙනෙක්‌ අඹු සැමි සබඳතා පිළිබඳවත් ලිංගික තෘප්තිය පිළිබඳවත් ගැටලු සහගත තත්ත්වයක පසුවන බව පෙනෙනවා. අද තරුණ පෙම්වතුන් වැඩිදෙනෙක්‌ විවාහ වෙන්නෙ ජීවිතය පිළිබඳ ලොකු අවබෝධයකින් නෙමෙයි. අෙන්‍යාන්‍ය සබඳතා පිළිබඳ එකිනෙකාගෙ අදහස්‌වල ගැලපීම් සහ නොගැලපීම් පිළිබඳ මේ තරුණ පෙම්වතුන්ට ගැඹුරු අවබෝධයක්‌ නෑ. ඔවුන් බොහෝ දෙනෙක්‌ විවාහය නමැති සිහින ලෝකයේ ලිංගිකත්වය තුළ අතරමං වෙනවා. හැඟීම්වලට වහල් වෙලා විවාහය පිළිබඳ ඉක්‌මන් තීරණ ගැනීමත් අද දකින්නට ලැබෙන පවුල් අවුල්වලට එක හේතුවක්‌. අනියම් සබඳතා තුළින් ලිංගික සතුට සෙවීමත් ලිංගිකත්වය පිළිබඳ තමා තුළ ඇති අනවබෝධයේ ප්‍රතිඵලයක්‌. ලිංගිකත්වය ආශ්වාදනීය දෙයක්‌. එය ගොඩනැගෙන්නේ විශ්වාසය මතයි. තවකෙකුට හානි කිරීම හෝ තවකෙකු පීඩාවට පත් කිරීම යහපත් ලිංගික චර්යාවකට අයිති නෑ.

නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක්‌ ලිංගිකත්වය දැඩි ආත්මාර්ථකාමී ස්‌වභාවයකින් ක්‍රියාත්මක කරන බව ද පැහැදිලියි. ලිංගික හිංසනය, අපයෝජනය, අනියම් සබඳතා හරහා සිදුකරන බලපෑම්, පෙම්වතිය මිතුරන් අතර හුවමාරු කරගැනීම මෙන්ම ඇය සමග ලිංගිකව හැසිරුණු අවස්‌ථා වීඩියෝ කොට ඇයට තර්ජනය කිරීම් වැනි දේ වර්තමාන සමාජය තුළ සුලභ සිදුවීම් බවට පත්ව තිබෙනවා. ලිංගිකත්වයේ මෙම වැරදි යෙදීම් නිසා සියදිවි නසා ගැනීමටත් අද මෙය හේතුවක්‌ වී තිබෙනවා. ලිං
ගිකත්වය වැරැදි ආකාරයට යොදා ගැනීම මනෝ ව්‍යාධියක්‌. නිසි මනෝ උපදේශන තුළින් මේ තත්ත්ව වළක්‌වා ගන්න පුළුවන්. නමුත් වර්තමාන සමාජයේ තරුණ තරුණියන් සහ අඹු සැමියන් වැඩි දෙනෙක්‌ ඒ සඳහා යොමු නොවීමෙන් පවුල් සංස්‌ථාවේ බිඳවැටීම සමාජ අර්බුදයක්‌ බවට පත්වෙමින් තිබෙනවා.


( පුවත්පතක පලවූ ලිපියක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරින)

ලිංගික අපයෝජනයට ලක් වන දියණියන්ගේ ඉරණම

         වර්තමාන ලෝකයේ දියුණුවත් සමඟම මිනිසා දැනුමෙන් ද තාක්ෂණ අතින් ද ඉතාමත් ඉහළ මට්ටමක සිටී. නමුත් සමස්ත සමාජය දියුණු වූවද වර්තමානයේ මිනිසා කොතරම් ම්ලේච්ඡ විකෘති තත්ත්වයට පත්වී සිටීම කණගාටුදායකය.සමාජයේ සිටින ඇතැම් විකෘති කාමුකයන් නිසා රටේ අනාගතය බාර දෙන්නට සිටින සුන්දර මල් කැකුළුවන් වටිනා ජීවිත විනාශ කිරීම පිළිබඳ ලෝක ළමා දින සමරු ඔක්තෝම්බර් 01 වැනිදා විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.මල් කැකුළු වැනි දියණිවරුන් විකසිත වන්නට නොදී තලා පෙලා විනාශ නොකොට අමන සල්ලාලයින්ගෙන් ඔවුන් රැකගැනීමට පියවර යෙදීම අතිශයින් වැදගත්ය.හෙට දවසේ මව් පදවිය බාරගෙන රටේ ජීවනාලිය බඳු මිනිස් සංහතිය බිහි කිරීමට සැරසී සිටින ඔබේ දියණියන්ට නිසි ආරක්ෂාවක් සපයා දීම පිළිබඳව කටයුතු කිරීමට ලෝක ළමා දින උත්සව සමරමින් පී‍්‍රති වනවාට වඩා යහපත් ඵලදායි කටයුත්තකි.

ඕනෑම දරුවෙකුගේ ආරක්ෂිත ස්ථානය වන්නේ තම මව්පිය රැකවරණය - ආදර සෙනෙහස නොඅඩුව ලබන තම නිවස සහ ශිල්ප සතර හදාරණ තමාගේ පාසලයි.එහෙත් හෙට දිනයේ මේ මල් කැකුළු විකසිත වීමට පෙර ම්ලේච්ඡ සල්ලාලයින්ගේ ගොදුරක් බවට පත්වී අනාගතය සහමුලින්ම අඳුරු වන්නට ඉඩදී කෙළෙස බලා සිටිමුද? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කීවා සේ තාත්තා, බාප්පා, සීයා ,මාමා, සහෝදරයා, විදුහල්පති, ගුරුවරයා සහ ළඟම ඥාතීන් අතින් තම දියණිය කෙලෙසී ලිංගික අපයෝජනයට ලක්වන්නේ නම් තවත් කුමන කතාද? මේ මල් වැනි සිඟිති දියණියන්ගේ අනාගතයේ ඉරණම කෙලෙස විසදේවිද?පියාට දියණිය බාර කොට ඉසුරු සොයා මැදපෙරදිග ගිය අම්මා නිවසට එනවිට වසර 12 වයැසැති දියණිය තම පියා අතින් දූෂණය වී ගැබ්ගෙනත් අවසානය.

“ඥාති සොහොයුරා අට වසරක් වයසැති දියණිය කෙළෙසයි”

“බාප්පා 11 වැනි වියේ පසුවන දියණියට ලිංගික අපචාර කරයි.”

පාසල් ගුරුවරයා 4 වැනි ශ්‍රේණි ඉගෙන ගන්නා ශිෂ්‍යාවට ලිංගික අපචාර කරයි. විදුහල්පතිතුමා යෞවනියන් ගණිකා වෘත්තිය යොදවයි. ඒපසුගිය කාලසීමාව පුරා ජාතික පුවත්පත්වල ශිර්ෂ පාඨ මෙන්ම රූපවාහිනි නාළිකාවල අප ඇසූ දුටු දේය. අද දියණියන් විනාශ කරන්නේ තමාගේ ළඟම ඥාතීන් විසින් සහ පාසල් ගුරුවරුන් විසින් වීම ශෝචනීය තත්ත්වයකි.

මෙලෙස දූෂණයට ලක්වන දියණියන් ගැබ් ගන්නේ සල්ලාලයින්ගෙන් සමාජ රෝගද වැළඳගෙනය. තම දරුවා උගතෙකු කරවීමේ අභිලාෂය පෙර දැරිව සිප්සතර කරවන්නට සියලු සේසත විය පැහැදම් කොට පාසලට යවද්දී විදුහල්පති හෝ වෙනත් ගුරුවරයෙකුගෙන් දරුවා ලිංගික අපචාරයට ලක්වන්නේ නම් එය කොතරම් පහත් නින්දිත ක්‍රියාවක්ද?ගුරු ගෞරවයත් ගුරුවරයාට දක්වන පක්ෂපිතීත්වයත් නිසා කිසිවෙකුට මෙය හෙළි නොකරන මෙම දියණියන් කාමතුරයන්ගේ ගොදුරු බවට පත්වීමේ අතුරුඵලය වන්නේ දරුවා අඩු වයසින් ගැබ් ගැනීමය.ඔවුන් මානසිකව බිඳවැටීමට ලක් වී කායික ද ගැටළු රාශියක් ඇතිව පියෙක් නොමැති දරුවන් කරේ එල්ලාගෙන හිඟමනේ යාමත් අභිසරුලියන් ලෙස ලෝකයේ පැරණිතම වෘත්තියේ යෙදීමට යොමු වීමත් කාට වැළැක්විය හැකිද?

ජීවිතයේ ලද මේ කලු පැල්ලම කිසිවිටකවත් සෝදා පවිත්‍ර කළ නොහැක. වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් විසින් කුඩා දියණියන් ලිංගික අයෝජනයට ලක් කිරිමේදී එයින් සිදුවන තවත් අතුරුඵලය වන්නේ ඉහළ ශ්‍රේණිවල සිසුන් පවා එවැනි දේට යොමු වීමයි.“අපේ පි‍්‍රන්සිපල්ට, සර්ට හොඳ නම් අපට විතරක් නරක ඇයි ද?” මේ ඔවුන්ගේ ආකල්පයයි. 


පොලිස් වාර්තා අනුව මේ වසර තුළ හා ස්ත්‍රී දූෂණ 83% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.මේ දරුවන්ට ලිංගික අපරාධ කරන්නන්ගෙන් ඇතැමුන් නීතියේ රැහැනට ඇස් වසා පැන යයි.නැතිනම් ශරීර ඇපයක් මත ඔවුන් නිදැල්ලේ හැසිරෙයි.කාලයත් සමග සිද්ධියේ උණුසුම මැකී ගොස් ඇත.දරුවන්ට කාමුක අපරාධ කරනන් විනාශ කරන්නේ හෙට දිනයේ රට බාරගැනීමට සිටින ඉදිරි පරම්පරාවයි. එබැවින් බරපතළ දැඩි දඬුවම් ඔවුන්ට ලබා දෙන්නේ නම් ලිංගික අපචාර සඳහා යොමු වීම ක්‍රමයෙන් මැඩ පවත්වා ගත හැක. 

ලිංගික අපයෝජනයට ලක් වන දැරියකට මුහුණ දීමට සිදුවන මානසික ගැටලු

ලිංගික අපයෝජනයට ලක් වන දැරියකට මුහුණ දීමට සිදුවන මානසික ගැටලු පිළිබඳ අප විමසා බැලුවේ උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ මානසික රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හා උතුරු කොළඹ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලීනිකා විජේරත්න මහත්මියගෙනි.මෙම දැරිවියන්ට ඇතිවන මානසික ව්‍යාකූලතා දෙආකාරයෙන් යුක්තයි. කෙටිකාලීන හා දිගුකාලීන ලෙස ඒවා හැඳින්විය හැකිය. එම සිදුවීම නිසා සිතට දැනෙන භීතිය හා චකිතය නිසා මෙම දරුවන් මානසික අවපීඩනයකට තත්ත්වයට ලක් විය හැකියි.මෙම කටුක අත්දැකීම විඳ දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙන අතර එම වේදනාකාරී අත්දැකීම නිසා තමාට විඳින්නට සිදු වූ කායික වේදනාව මෙන්ම තමාගේ ලිංගික ජීවිතය පිළිබඳව විශාල භීතියකින් පෙළීමට ඉඩ ඇත.ඒ නිසා එදිනෙදා වැඩකටයුතු සහ මුලින්ම අඩපණ වී යයි. අධ්‍යාපනය කඩා කප්පල් වේ. ක්‍රීඩාවට දක්ෂතා දැරූ දරුවෙකු නම් එයට විරාමයක් තැබීමට සිදු වේ. ජීවිතයේ බලාපොරොත්තු ඉලක්කයන් කරා යාමට නොහැකිව බලාපොරොත්තු සියල්ල සුන් වී සමස්ත පිරිමි සංහතිය කෙරෙහිම කෝපයත්, පිළිකුලත්, විශ්වාස භංගත්තවයත්, අනාරක්ෂිත බවත් ඇතිවීමට ඉඩ ඇත. දරුණු මානසික අවපීඩනයකට ලක් වීමට ඉඩ තිබෙන නිසා ඇතැම් විට සියදිවි හානි කර ගැනීමට පවා පෙළඹීමක් සිදුවිය හැකිය.

පිරිමින් කෙරෙහි ඇති දැඩි පිළිකුල හා විශ්වාසය නොමැතිකම නිසා විවාහ වීම පවා ප්‍රතික්ෂේප කරන අවස්ථාවට ද මොවුන් පෙළඹේ.යම් හෙයකින් විවාහ වුවද එම කටුක සිද්ධිය ආවර්ජනය වී ලිංගික ජිවිතයට මුහුණ දීමට නොහැකිව චිත්ත සන්තාපයට පත් වී විවාහය පවා දෙකට වීමට ඉඩ ඇත.මෙම දරුවා තුළ තම මවගෙන් නොලද රැකවරණය නිසාම අනාරක්ෂිත බව ජීවිතය පුරාම පෙන්නුම් කරයි. සමාජයට මුහුණ දීමට තිබෙන ලැජ්ජාවත් සමාජය විසින් ඇයව වැරදි ලෙස හංවඩු ගැසේවි යන චකිතයත් නිසා ඇගේ පෞරුෂත්වය මුළුමනින්ම බිඳ වැටීමට ඉඩ ඇත.ඇතැම් විට විශාද තත්ත්වය උග්‍රවිය හැකි අතර වෙනත් ආකාරයේ මානසික රෝග වලටද පවා ගොදුරු වීමට ඉඩ ඇත.



ලිංගික ආයෝජනයට දරුවෙකු ගොදුරු වූ විට කායිකව මුහුණ දෙන ගැටලු

 

ආදරණීය අම්මාවරුනි තම දියණිය සල්ලාල කාමාතුරයන්ගෙන් රැකගන්න. ඇයට ඔබගේ ආරක්ෂාව නොඅඩුව ලබාදෙන්න. ඔබේ දියණිය අනාථ වන්නේ ඔබේ නොසැලකිල්ල නිසා බව සිහිතබා ගන්න.වැඩිවියට පත්වීමත් සමඟම ගැහැණු දරුවෙකුගේ ප්‍රජනන පද්ධතිය ඇතුළු ලිංගේන්ද්‍රියන් වයස අවුරුදු 18 තෙක් වර්ධනය වේ. ඇය මවක් වීම සඳහා කායික ලෙස සම්පූර්ණත්වයට පත්වන්නේ ඊට පසුවය.මල්වර වීමෙන් පසු ගැබ් ගැනීමක් සිදුවිය හැකි නමුත් අවුරුදු 18 පෙර මවක් වීමට සුදුසු තත්ත්වයකට ඇගේ සිරුරේ ඉන්ද්‍රියන් වර්ධනය වී නැත. එබැවින් බාලවයස්කාර දැරිය ගර්භණී අවස්ථාවකට පත් වූවහොත් ඇයට කායික වශයෙන් සංකූලතා රැසකට මුහුණ දීමට සිදු වේ.දැරියක දූෂණයට ලක් කිරීමේදී හෝ ඇයව ලිංගික අපයෝජනයට ලක් කිරීමේදී කායික ආබාධ ලෙස මුත්‍රා පද්ධතිය ආශි‍්‍රත මුත්‍රා ආබාධ, ලිංගික සම්පේ‍්‍රක්ෂණ රෝග ( සමාජ රෝග), රුධිර වහනය, තුවාල වීම් මෙන්ම පුද්ගලයන් ගණනාවක් විසින් හෝ එක් පුද්ගලයෙක් විසින් ශිෂ්ණය තදබල ලෙස තද කිරීමට ලක් කිරීමේදී යෝනි මාර්ගය ඉරීමට ලක්වන අතර යෝනි මාර්ගය තුවාල වී රුධිර වහනය සිදු වේ.ඒ සමඟම බාහිර ලිංගේන්ද්‍රිය තුවාල වී අතිශයෙන් වේදනාකාරී තත්ත්වයකට දරුවා පත් වේ. දරුවාට මේ අවස්ථාවේදී දැඩි කම්පනයක් හා බියක් ඇති වේ. බරපතල කරුණ වන්නේ රුධිර වහනය වීමයි. ස්වභාවයෙන්ම ශරීරයේ ලේ කැටි ගැසීම දුර්වල අයගේ තත්ත්වය භයානක වේ.

ඇතැමුන් බාල වයස්කාර දියණියන් තම උකුලේ හිඳවාගෙන මේ ලිංගික අපචාර සිදු කරන අතර හිරිමල් වියේ පසුවන මෙවැනි දරුවන් මේ ක්‍රියාවට නැඹුරු කිරීම තුළින් යම්කිසි කායික තෘප්තියක් දරුවාට ද ලැබෙන්නේ ඇයද නොදැනුවත්වමය.මේ තත්ත්වයට නිතර නැඹුරු වීම නිසා ලිංගේන්ද්‍රය ඇදී ඉතාමත් පහසුවෙන් පිරිමියා විසින් මුදා හරින ශුක්‍රාණු යෝනි මාර්ගයට ගමන් කළ හැක. දරුවා මේ තත්ත්වයට නැඹුරු වීම නිසා මේ ක්‍රියාවලිය සිදුකළ වැඩිහිටියා වෙත දෙමාපියන්ට හොරා යාමට පවා ඔවුන් පෙළෙඕ. දෙමාපියන්ට මෙය හෙළි වන්නේ දරුවා ගැබ් ගත් පසුවයි.


රජයේ නීතිය අනුව මෙන්ම ජීව විද්‍යාත්මක ඇසින් බලන කළ මවක් වීමට බාල වයස්කාරියක් කොහෙත්ම නුසුදුසු බැවින් මාතෘ මරණ පවා සිදුවිය හැක. ස්වභාවික දරු උපතකදී මවගේ ශ්‍රෝණි මේඛලාව හොඳින් වැඩී තිබිය යුතුය. එවිට දරුවාගේ හිස කොටස ගර්භාෂයෙන් පිටතට ඒම හරියාකාරව සිදු වේ.නමුත් බාලවයස්කාරියගේ ශ්‍රෝණි මේඛලාව සම්පූර්ණයෙන්ම වැඩී නොමැති නිසා ස්වභාවික දරු උපතක් සිදු වීමේදී දරුවාගේ හිස හිරවීමට ලක් වන අතර මවට අභ්‍යන්තර රුධිර ගැලීමක් සිදු වීම නිසා මව හා දරුවා මරණයට පත්විය හැක. ඒ හේතුව නිසාම රජයේ රෝහලක මෙවැනි දරු ප්‍රසූතියන් සිදු කරනුයේ සීසර් සැත්කමකිනි.අපේ මුතුන් මිත්තන්ගේ යුගයේ බාලවයස්කාර දැරියන් විවාහ කර දීම නිසා මාතෘ මරණ සංඛ්‍යාව වැඩි වූ අතර බාලවයස් විවාහ නීතියෙන් තහනමට ලක් වූයේ එහෙයිනි.


අද අභිසරුලියන් පිළිබඳ සමීක්ෂණයක් කළහොත් ඔවුන් බොහෝදෙනා කාගෙන් හෝ අනාථ වූ අය බව සක් සුදක් සේ පැහැදිළිය. ආදරණීය අම්මාවරුනි, ඔබේ පවුල ආර්ථික අතින් සවිමත් කර ගන්නට ඉසුරු සොයා දේශ දීපන්කරේ ගොස් ඔබ නැවත පැමිනෙන විට තම දියණිය සල්ලාල කාමාතුරයන්යන්ට ගොදුරු වී අවසානය.ඔබේ දියණිය අනාථ වන්නේ ඔබේ නොසැලකිල්ල නිසා බව සිහිතබා ගන්න. අද අප සිටින්නේ පියවරුන් පිළිබඳ විශ්වාසයක් නොමැති යුගයකි. එබැවින් ඔබේ දියණිය දෑස මෙන් රැකබලාගෙන ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඇයව රටේ යහපත් උගත් පුරවැසියෙකු බවට පත්කරන්න. එසේ නොවුනහොත් විනාශ වූ ඔබේ දියණිය වෙනුවෙන් ඔබට ජීවිත කාලය පුරාම කදුළු සලන්නට සිදුවනු ඇත.



( ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාගේ
දිනමිණ පුවත්පතෙහි පලවූ ලිපියක් ඇසුරිනි)

යොවුන් විය ආදරය හා ලිංගිකත්වය



          ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය ළදරු තරුණ වැඩිහිටි සහ මහලු යනුවෙන් කොටස්‌ කිහිපයකින් යුක්‌තයි.වයසත් සමග හැඩරැවෙි පමනක් නොවෙයි ආකල්පමය වශයෙනුත් වෙනස්කමි ඇති වෙනවා.අපේ සිත කොටස්‌ කිහිපයකින් යුක්‌තයි. සිතේ ආදරය. ආසාව රාගය ආදිය පවතින කොටස ඉඩි සංස්‌කාරයයි. හොඳ නරක සදාචාරය, ගුණධර්ම ආදිය පවතින සිතේ කොටස සුපර් ඊගෝ ලෙස හඳුන්වනවා. ඉඩිො,ඊගෝ, සුපර්ඊගෝ කියන මෙි අංශ තුන සෑම මනුෂ්‍යකු තුලම පවතින බව සිග්මන් ප්‍රොයිඩ් නම් ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාඥයා පවසා තිබෙනවා.

           ළදරුවකු තරුණයකු දක්‌වා වර්ධනය වීමේ දී මනසේ මේ අංශ තුනත් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. කෙනෙක්‌ තුළ විවිධ ආශාවන්, විවිධ අවශ්‍යතා ඔහුගේ මනසට ඇතුල්වෙන්නේ මේ වර්ධනයත් සමඟයි. කුඩා අවධියේ යමෙක්‌ තුළ ඇතිවන ආශාවන් හා අවශ්‍යතා කෙමෙන් ඔහු වැඩෙන විට වෙනස්‌ වන්නේ මේ නිසයි. ළදරුවා දරුවකු බවට පත් වී ඔහු යොවුන් වියට පියනඟන විට ආශාවන් හා අවශ්‍යතාවල ශීඝ්‍ර වෙනස්‌වීම් දැකිය හැකියි. ඔහු කෙමෙන් අධ්‍යාපනයට, ක්‍රීඩාවන්ට, ආදරයට, ප්‍රේමයට සහ ලිංගික අවශ්‍යතා වෙත ක්‍රමයෙන් ගමන් කරනවා.

          අවුරුදු 14 - 15 වයසේ දරුවන් විරුද්ධ ලිංගිකයන් වෙත වැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නේ මනසේ ඇතිවන වර්ධනයේ සහ සිරුරේ ඇතිවන හෝමෝනවල බලපෑම නිසයි. මෙය ඉතාමත් ස්‌වාභාවික ක්‍රියාවලියක්‌. දරුවෙකු යොවුන් වියට එළඹෙන විට රසායනික විපර්යාස සමූහයක්‌ ඔහුගේ සිරුර තුළ සිදුවෙනවා. නව යොවුන් විය ඇරඹෙන්නේ රසායනික විපර්යාසයන්, මොළයේ ඇතිවන වෙනස්‌කම් සහ සිරුරේ ග්‍රන්ථිවල ඇතිවන වෙනස්‌කම්ද පදනම් කරගෙනයි.එතෙක්‌ ගත කළ ළමා කාලය අවසන් කර දරුවා තරුණ වියට පාතබන්නේ මෙවිටයි. මේ වන විට දරුවා තුළ පවතින්නේ යොවුන් මනසක්‌. ආදරය, ප්‍රේමය. රාගය, ආසාව වගේම අභියෝගවලට මුහුණ දීමේ ශක්‌තියත් තරුණයකුට ලබාදෙන්නේ යොවුන් මනසයි. මේ වන විට ඔහු අභියෝග රැසකට මුහුණදෙමින් සිටින කෙනෙක්‌. අධ්‍යාපනය, විභාග, ආදරය සහ ලිංගිකත්වය ඔහු තුළ අභියෝගාත්මක ලෙස පවතින කරුණු කිහිපයක්‌. කෙනෙකුගේ ජීවිතයේ මෙම අවධිය අත්හදාබැලීම්වලට පෙළඹෙන සමයක්‌. කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවධිය ලෙස හඳුන්වන්නේත් මේ සමයයි.ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකි මනසක්‌ අධ්‍යාපනය තුළින් සකස්‌ නොවුණොත් තරුණ දරුවන් නොමඟ යැම ඇරඹෙන්නේ මේ සමයේදියි.

              අද අපේ අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් සකස්‌ වී ඇත්තේ විභාග ජයගැනීම පදනම් කරගත් අභියෝග ජයගැනීමට සිසුන් ශක්‌තිමත් කිරීමට මිස මේ වයසේ දී ඔහුගේ ජීවිතය හමුවට එන ආදරය, ආසාව, ලිංගිකත්වය වැනි අභියෝග ජය ගැනීමට නොවෙයි. අද අධ්‍යාපනය තුළින් දරුවකුට ජීවිතය ගැන උගන්වන්නේ නෑ. මනස ගැන උගන්වන්නේ නෑ. තම අවශ්‍යතා සදාචාරයට ගැලපෙන ලෙස හසුරුවා ගන්නේ කෙසේදැයි උගන්වන්නේ නෑ. සෑම දරුවෙක්‌ම සකස්‌ වෙන පරිසර දෙකක්‌ තිබෙනවා. තම නිවසේ පරිසරය සහ පාසල් පරිසරයයි ඒ. නිවසේ පරිසරය හඳුන්වන්නේ ප්‍රාථමික සමාජානුයෝජනය ලෙසයි. පාසලේ පරිසරය ද්විතීයික සමාජානුයෝජනයයි. යම් දරුවකුගේ නිවසේ පරිසරය යහපත් නොවුණත් පාසලේ පරිසරය තුළින් ඔහුට යහපත් දරුවකු විය හැකියි. නමුත් නිවසේ පරිසරයත්, පාසලේ පරිසරයත් අයහපත් වූවොත් ඒ දරුවා විනාශකාරී මගකට යොමුවන්න පුළුවන්.

             යහපත් දරුවෙක්‌ බිහිවෙන්නේ කායික, මානසික සහ අධ්‍යාපනික වර්ධනය තුළිනුයි. දරුවකුගේ ජීවිත සංවර්ධනය ලෙස අර්ථ දැක්‌වෙන්නේ එයයි. සමාජ ගැටලු හා පුද්ගල ගැටලු අවම කර ගැනීමේ මාර්ගය ඇරඹෙන්නේත් දරුවා තුළ ඇතිවන මේ ජීවිත සංවර්ධනය තුළිනුයි. අද අපේ සමාජයේ දරුවන් හා තරුණයන් වැඩිදෙනා හැඟීම් හා පෙළඹවීම් මත ක්‍රියාත්මක වන පිරිසක්‌ බවට පත්වී තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත සංවර්ධනය නිසියාකාරව සිදු නොවීම නිසයි.

            තරුණ තරුණියන් තුළ ප්‍රේම සම්බන්ධතා ඇතිවන්නේ විරුද්ධ ලිංගිකයන් වෙත ඔවුන් දක්‌වන ආකර්ෂණය නිසයි. මෙය විශ්වය තුළ පවතින ජෛව ආකාර්ෂණයක්‌. ස්‌වාභාවික ක්‍රියාවලියේම කොටසක්‌. වැඩිහිටියන් මෙය අවබෝධ කරගත යුතුයි.යොවුන් වියේ ඇතිවන ප්‍රේම සබඳතා, තරුණ වියේ ඇතිවන අනිසි සබඳතා පිළිබඳ මා සිදු කළ අධ්‍යයනයකදියි සම ලිංගික සබඳතා ඇති කර ගන්නා තරුණයන් ඔවුන්ගේ ළමා වියේදී බොහෝ විට පියාගේ ආදරය අහිමි වූ පිරිසක්‌ බව හෙළිදරව් වුණේ. එබඳු සබඳතා ඇතිකරගත් තරුණියන් බොහෝ දෙනෙක්‌ තම මවගේ ආදරය නිසි පරිදි නොලැබූ පිරිසක්‌ බවත් හඳුනා ගත්තා. දරුවෙකුට මවගේ සහ පියාගේ ආදරය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට කෙබඳු බලපෑමක්‌ සිදුකරනවාද යන්න මෙයින් පැහැදිලි වෙනවා.

              තරුණ වියට එළඹෙන දරුවන්ට විශේෂයෙන් දෙමවුපියන්ගේ ආදරය අවශ්‍යයි. දෙමවුපියන් තම දරුවන්ට ආදරය කිරීම පමණක්‌ සෑහෙන්නේ නෑ. එය දරුවන්ට ප්‍රකාශ විය යුතුයි. දරුවා දෙමවුපියන් තුළින් එය හඳුනා ගත යුතුයි. දෙමවුපියන් දරුවන්ට සමීප වුණ තරමට ඔවුන් අයාලේ යැම නවතිනවා. දරුවන් තම ජීවිත විනාශකර ගැනීම වැළකෙනවා.තරුණ තරුණියන්ට අද ආදරය පිළිබඳ නිසි අවබෝධයක්‌ නැහැ. එය ලබා ගැනීම සඳහා ඔවුන්ට මඟකුත් නෑ. ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට මඟකුත් නෑ. ඒ පිළිබඳ ලියවුණු පොතපතත් අඩුයි. මේ අධ්‍යාපනයෙන් ඒ පිළිබඳ ලැබෙන දැනීමකුත් නෑ. හොඳින් සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යන දරුවන් අද ආදරය සහ ලිංගිකත්වය නිසා තම ජීවිත විනාශ කර ගන්නේ ඒ නිසයි. අද අපේ රටේ තරුණ තරුණියන් සියදිවි නසා ගැනීමට ප්‍රධාන හේතුවක්‌ වන්නේ ආදරය හා සම්බන්ධ ප්‍රශ්නවලදී එයට මුහුණදෙන ආකාරය පිළිබඳ ඔවුන්ට අවබෝධයක්‌ දැනීමක්‌ නැති නිසයි.අද බොහෝ තරුණ පිරිස්‌ ආදරය විලාසිතාවක්‌ කරගෙන. තවකෙනෙක්‌ කරන නිසයි ඔවුන් ආදරය කරන්නෙ. ආදරය ඊට වඩා ගෞරවාන්විත දෙයක්‌. හැඟීම් හා අවශ්‍යතා නිසා ඇතිවන පෙළඹවීම මත ආදරයෙන් බැඳෙන බොහෝ දෙනකුට අද ආදරය තුළ ඇති සුන්දරත්වය වටහා ගැනීමට හැකියාවක්‌ නෑ. රාගය, ප්‍රේමය හා සුන්දරත්වය එකිනෙකින් වෙන්කොට හඳුනාගත නොහැකි තත්ත්වයක්‌ අද ඇතැම් තරුණ තරුණියන් අතර තිබෙනවා. තරුණ මනස හඳුනා ගැනීමට අද සමාජය තුළ ඉඩක්‌ හෝ මඟක්‌ නැතිවීමත් මෙයට එක හේතුවක්‌.

          ආදරය ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ සිසු සිසුවියන්ට වැටහීමක්‌ ලබාගත හැකි ආකාරයට වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස්‌ විය යුතුයි. අධ්‍යාපනය, රැකියාව හා විවාහය වටා ඇති අභියෝග නිසි ලෙස ජයගැනීමට තරුණ තරුණියන්ට ශක්‌තිය ලැබෙන්නේ එවිටයි.අද තරුණ තරුණියෝ තුළ විශාදය නමැති මානසික රෝගය බහුලයි. එය තරුණ වියේ අභියෝග නිසි ලෙස ජයගැනීමට අවශ්‍ය ශක්‌තිය නොමැති නිසා ඇතිවූ තත්ත්වයක්‌. විශාදය තුළින් තමා තමාටත් අනුන්ටත් වෛර කරන තත්ත්වයකට පත්විය හැකියි. අද සමාජයේ දකින්නට ඇති බොහෝ සියදිවි නසා ගැනීම්වලට සහ ඝාතනවලට මෙය ප්‍රධාන හේතුවක්‌. තරුණ මනස හා එහි ස්‌වභාවයත් අභියෝග ජය ගැනීමට තරුණ මනස හැඩගැස්‌විය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් පුළුල් සංවාදයක්‌ සමාජය තුළ ඇතිනොකොට මේ තත්ත්වය වැළැක්‌වීම අපහසුයි.

(මානසික සෞඛ්‍ය පදනමේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යාව පිළිබඳ
මහාචාර්ය ඥනදාස පෙරේරා මහතාගේ සාකචිඡාවක් ඇසුරිනි)

පවුල් දිවිය අමිහිරි කරන ලිංගික හිංසනය








         (දිවයින පුවත්පතේ ගෘහස්ථ හිංසනය හා සමිබන්ධව පලවූ ලිපියක් ඇසුරිනි.බොහෝ වැදගත් කරනු රැසක් මෙම ලිපියේ අන්තර්ගතව ඇති බැවින් මෙම ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පල කර ඇති බව සලකන්න.)

ඉඳහිට නිරාවරණය වුණත් සැඟවුණු පිළිලයක්‌ සේ ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වන ගෘහස්‌ථ හිංසනය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අපට හේතු වූ කරුණු රැසකි. පෙර ලිපිවලට ප්‍රතිචාර දක්‌වමින් "දිවයින ඉරිදා සංග්‍රහයේ" ළබැඳි පාඨකයන් විශාල පිරිසක්‌ තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් හා අදහස්‌ මෙන්ම යෝජනා චෝදනා ආදිය ද අප වෙත දැන්වීමට ක්‍රියා කිරීම මෙම ලිපියට මූල බීජය සපයනු ලැබීය.

කාන්තා සංවිධානවලට දොස්‌ නැගීමට එරෙහිව ලියා එවූ එක්‌ ලිපියක්‌ හැරෙන්නට අනෙක්‌ සියලු ලිපි හා දුරකථන ඇමතුම් ඔස්‌සේ දන්වා තිබුණේ පිරිමින්ගේ දැඩි හිංසනයන්ගෙන් පීඩා විඳින කාන්තාවන්ගේ අඳෝනාවන්ය. එම ලිපි අතර එක්‌ කාන්තාවක්‌ වෛද්‍යවරියක වීම ද තවත් කාන්තාවක්‌ ගුරුවරියක වීම ද තවත් කාන්තාවක්‌ කථිකාචාර්යවරියක වීමද විශේෂ විය. ඔවුන් සැමියාගේ හිංසනවලින් ලබන පීඩාව මෙන්ම තුවාල පවා සමාජයෙන් සඟවා ගැනීමට දරන අප්‍රතිහත උත්සාහය එම ලිපිවල විග්‍රහ කර තිබිණි. සමාජයීය ආකල්ප, සැමියාගෙන් වෙන්වී ජීවත් වීමට ශක්‌තිමත් පසුබිමක්‌ නොමැතිකම, දරුවන් පීඩනයට පත්වීම, දෙමව්පිය හිතවතුන්ට සත්‍ය හෙළි කිරීමට නොහැකිකම නිසා සියලු වද වේදනා උහුලාගෙන වසර ගණනාවක්‌ හිංසන මැද දිවි ගෙවන බව ඔවුන් දක්‌වා තිබිණි. එම ලිපි අතර සිටි එක්‌ කාන්තාවක්‌ මේ වන විට මැදිවිය ඉක්‌මවා සිටින්නියකි. ඇය පළමු දරු උපතින් මාස කිහිපයක සිට සැමියාගේ හිංසනවලින් පීඩා විඳින අතර අදට ද එහි අඩුවක්‌ නැති බව ඇය පවසන්නීය. මේ නිසා බරපතල තුවාල, තැලීම්, අත් පා හන්දි බිඳීයාම් පමණක්‌ නොව මානසිකව දැඩි පීඩනයකින් පෙළෙන බවද ඇය දන්වන්නීය. සුදුසු උපදේශනයකට යොමු වන්නේ කෙසේ ද යන්න ද ඇය අපගෙන් විමසා සිටින්නීය. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපගේ මනෝ උපදේශන ලිපි සඳහා උපදේශකත්වය සපයන මානව සම්පත් සංවර්ධන, මනෝවිද්‍යා උපදේශක හා කථිකාචාර්ය ප්‍රසන්න කමලසිරි පෙරේරා මහතාගේ දුරකථන අංකය (0718246320) මෙසේ සටහන් කරමු.

තවත් කාන්තාවකගෙන් අපට ලැබුණු තොරතුරුවලින් පැහැදිලි වූයේ සිය සැමියා විසින් ඇයගේ ලිංගික ඉන්ද්‍රියට දැඩි ලෙස තුවාල කිරීම හා සපා කෑම්වලින් අනතුරුව ඔහු ඇය හා ලිංගික සේවනයෙහි යෙදෙන බවයි. ඇය වේදනාවෙන් විලාප නගද්දී ඔහු ඇය සනසවමින් එකී ලිංගික කාර්යයෙහි ම නිරතවන බව ඇය දන්වා ඇත. වසර ගණනාවක්‌ තිස්‌සේ ඇය මෙයින් පීඩා විඳින බවත්, වේදනාවක්‌ මිස කිසිදු තෘප්තියක්‌ ඇය මෙතෙක්‌ ලබා නැති බවත් ඇයගේ ලිපියෙහි දැක්‌වේ.

ඒ හා සමාන තවත් තොරතුරකින් අනාවරණය වූයේ එක්‌තරා සැමියෙක්‌ සිය බිරිඳගේ තොල්, පියයුරු, කළවා ප්‍රදේශ, පසු පෙදෙස හා ලිංගික ප්‍රදේශ ලේ එනතුරු සපා කෑමෙන් පසු ලිංගික ක්‍රියාවෙහි යෙදෙන බවයි. ඇය දික්‌කසාද වීමට උත්සාහ දැරුව ද ඔහු ඊට ඉඩ නොදෙන බවද ඇයගේ පැහැදිලි කිරීම්වලින් තහවුරු වේ.මෙකී කරුණු හේතුකොටගෙන ගෘහස්‌ථ හිංසනය, ඊට හේතු, එයින් මිදීම හා පිළියම් සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක විග්‍රහයක්‌ මෙසේ ඉදිරිපත් කරමු.

හිංසනය

හිංසනය පොදුවේ විග්‍රහ කිරීමේදී කාන්තාවන් පමණක්‌ නොව පිරිමි මෙන්ම දරුවන්ද ඊට අඩු වැඩි වශයෙන් ගොදුරු වනු ඇත. හිංසනයට ප්‍රධාන හේතුව ලෙස මනෝ උපදේශනයේ දී දක්‌වන්නේ අනෙකා කෙරෙහි දක්‌වන සැකයයි. එය සාමාන්‍ය සැකය, චිත්ත වේගී සැකය හා මාරාන්තික සැකය ලෙස කොටස්‌ කළ හැකිය.

සාමාන්‍ය සැකය

ඉතා සුළු දේවල් සම්බන්ධයෙන් ඇති වන සැකය මෙසේ හැඳින්විය හැකිය. එම සැකය කෙටි කාලීන වූවකි. සැමියා රැකියාව නිම වී නිවසට පැමිණෙන වේලාව ප්‍රමාද වුවහොත් ඇතැම් බිරින්දැවරුන්ට සැමියා පිළිබඳ සැකයක්‌ ඇති විය හැකිය. සැමියා පැමිණි පසු බස්‌ ප්‍රමාදයි, හදිසි අනතුරක්‌ ආදි වශයෙන් ප්‍රමාදයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයගේ සිතේ උපන් සැකය එයින් නිම වේ. කාන්තාවන් සම්බන්ධයෙන් පිරිමියකුගේ සිතේ ඇති වන සාමාන්‍ය සැකය ද එසේම ය. එම සැකය ක්‍ෂණයකින් බැහැර වනු ඇත.

චිත්ත වේගීය සැකය

පැහැදිලි හේතු පෙනෙන්නට තිබුණත් සැකයෙන් මිදෙන්න මෙවැනි තත්ත්වයක සිටින කෙනකුට නොහැකිය. මෙය මනසින් බොහෝ දුර ගිය ව්‍යාධි තත්ත්වයක්‌ ලෙස මනෝවිද්‍යාවේ සඳහන් වේ. මෙවැනි තත්ත්වයක සිටින කෙනෙක්‌ අනිවාර්යයෙන්ම මනෝ උපදේශනයකට යොමු විය යුතුය.

මාරාන්තික සැකය

චිත්ත වේගීය සැකය උග්‍රවීමෙන් තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයා මරා දැමීමට පවා මෙවැනි තත්ත්වයක පසුවන කෙනකු පෙලඹෙනු ඇත. මෙය ප්‍රතිකාර ගත යුතු මානසික රෝගී තත්ත්වයක්‌ ලෙස විශ්ලේෂණය කෙරේ.

සැකයට හේතු

විරුද්ධ ලිංගිකයා (සැමියා හෝ බිරිඳ) අතිශය ජනප්‍රිය වීම, ආකර්ෂණීය පෙනුමක්‌ තිබීම, තමාට වඩා උසස්‌ යෑයි සිතීම, තමාට වඩා ඔහුට හෝ ඇයට සමාජ පිළිගැනීමක්‌ ඇති බව සිතීම, තමාව නොසලකා හරිනවා යෑයි සිතීම, තමාට වඩා වෙනත් අයට සලකනවා යෑයි සිතීම, හිතවතුන් හිතවතියන් ඇසුරු කිරීම තමාට අඩු සැලකිලි ලැබීමට හේතුවක්‌ බව සිතීම, ඉහත කාරණා සිතේ ඇති කරගනිමින් දුක්‌වීම හා කෝපයට පත්වීම සැකයේ මූලික ලක්‍ෂණ ලෙස දැක්‌විය හැකිය.

කුඩා කාලයේ දරුවකුට මවකගෙන්, පියාගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්. ඥතීන් හා අසල් වැසියන්ගෙන්, ගුරුවරුන්ගෙන් ලැබෙන ආදරය ඉතාම වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය වූවකි. ඒ ආදරය දරුවන්ට පෙන්විය යුතුය. තමාට අන් අය ආදරය බව එම දරුවාගේ සිතට තදින්ම දැනිය යුතුය. කුඩා කාලයේ සිට එසේ නොවුණොත් ඉන් පසුව ඔහුට හෝ ඇයට ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතියගෙන් එම ආදරය අසීමිත ලෙස අපේක්‍ෂා කරනු ඇත. ඊට අමතරව කුඩා කාලයේදී මනසට ඔරොත්තු නොදෙන ලිංගික දර්ශන, විකෘති ලිංගික දර්ශන, ගෘහයක ඇතිවන හිංසන දැකීමට ලැබීම හා එවැනි අවස්‌ථාවක ඇති වන විලාප නැඟීම් මෙන්ම බහින් බස්‌වීම්, පහරදීම් ශ්‍රවණය වීම ළමා මනස දූෂණය වීමට හේතුවකි. ඒවායෙහි බලපෑම් ද එම දරුවා විවාහ වූ පසු හෝ වැඩිහිටි වූ පසු දෙගුණ තෙගුණ වී ව්‍යාධියක්‌ ලෙස හෝ විකෘති චර්යා ලෙස ප්‍රගුණ වීමටද ඉඩ ඇත. කෙනකුගේ ව්‍යාධි තත්ත්වයක්‌ නැතහොත් මානසික පිඩනයක්‌ (ක්‍රමනය ලෙස මෙය මනෝ විද්‍යාවේ හැඳින්වේ) හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වූවකි.

චිත්ත වේගීය සැකය හඳුනා ගැනීම


තමන්ගේ විරුද්ධ ලිංගිකයා පිළිබඳ ඇතිකර ගන්නා වූ දැඩි ආශාව මෙය හඳුනා ගැනීමට ඇති සරළ මගකි. ඇතැම් අය ආදරය ලෙස මෙය හැඳින්වුවත් විරුද්ධ ලිංගිකයා දැඩි ලෙස සිය පාලනයකට නතු කරන්නේ නම් එය ආදරය නොව ආශාව ලෙස විග්‍රහ කළ හැකිය. ඔහුට හෝ ඇයට නොකියා කිසි තැනකට යන්න එන්න ඉඩ නොදෙන තත්ත්වය දැඩි ආශාව ලෙස හඳුනාගැනීම පහසු වනු ඇත. අවසර ඇතිව තනිවම ගියත් දුරකථන ඇමැතුම් ඔස්‌සේ ඔහු හෝ ඇය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම, එකඟ වූ ස්‌ථානයෙන් පරිබාහිරව වෙනත් තැනකට ගියහොත් හෝ එසේ ගිය බව දැනගත හොත් දැඩි දඬුවම් (අඩුම තරමේ දැඩි ලෙස බැණ වැදීම) ලබාදීම සිදුවිය හැකිය. මෙවැනි තත්ත්වයන් යටතේ සැමියෙක්‌ තම බිරිඳට බැණ වැදීම, පහර දීම, තුවාල සිදු කිරීම, මෙය දුරදිග යැමෙන් මරණය පවා සිදු කිරීමට තරම් චිත්ත ව්‍යාධියක්‌ ඇති පුද්ගලයන් පෙලඹෙනු ඇත. මෙවැනි පුද්ගලයකුගේ බිරිඳකට වෙනත් කෙනකු සමග සුහදව දුරකථන ඇමතුමක්‌ හෝ හුවමාරු කරගත නොහැක. එයම විශාල අර්බුදයකට හේතුවිය හැකිය. මෙවැනි පුද්ගලයන්ට තම සහකාරිය නොදැක සිටීමට ද නොහැක. තමා කියන විදිහටම ඇය ක්‍රියා කළ යුතුය. ඇය කියන දේ ඇසීමට ඔහු සූදානම් නැත. මෙහි අතිශය භයානකම තත්ත්වය වන්නේ ඔහු විසින් ඇයට මාරාන්තික තුවාල සිදු කිරීමෙන් අනතුරුව ඇය සනසමින් ප්‍රතිකාර කිරීමට පෙලඹීමයි. ඔහු කළ දේ පිළිබඳ කිපී සිටින තැනැත්තියක වුවද ඔහුගේ එම ක්‍රියාව හදිසි කෝපය නිසා ඇති වූවක්‌ ලෙසත්, තමාට ඇති අසීමිත ආදරය නිසා අන් අයට සමීප වනු දැකීම ඔහුගේ සාධාරණ කේන්තියට හේතුවක්‌ බවත් සාධාරණීකරණය කරන බිරිඳ සිය සැමියාට මානසික ව්‍යාධියක්‌ ඇති බව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇත. ඇතැම් සහකරුවන් සිය සහකාරිය තම පාලනයෙන් පිට ගියහොත් ඇයට සියුම් ලෙස මානසික රිදවීම් කිරීමට පෙලඹෙනු ඇත. ලිංගික හැසිරීම් පවා ප්‍රතික්‍ෂේප කළ හැකිය. කෝපය නිවී ගිය පසු සිටියාටත් වඩා හොඳින් හැසිරීම මෙවැනි අයගේ ලක්‍ෂණය වන අතර ඇතැම් අය තම බිරිඳ ගැනම සිතමින් රැකියා ස්‌ථානයේ වැඩ කටයුතු පවා අවුල් කරගනු ඇත. මේ වෙලාවේ ඇය මොනවා කරනවා ඇති ද, කාටහරි දුරකථන ඇමතුමක්‌ ගන්නවා ඇති ද කියා දැඩි සැකයෙන් යුතුව කල්පනා කරනු ඇත. එසැනින් ඇයට ලබා ගන්නා දුරකථන ඇමතුමක්‌ වෙනත් කෙනකු (දරුවකු හෝ විය හැකියි) දුරකථනයේ රැඳී සිටීම නිසා ලබාගත නොහැකි වුවහොත් වහාම නිවසට ගොස්‌ ඇය සමග ආරාවුලක්‌ ඇතිකර ගැනීමට තරම් මෙවැනි පුද්ගලයන් පෙළඹෙනු ඇත. තමන් මානසික ව්‍යාධියකට ගොදුරු වී ඇති බව මෙවැනි අය නොදන්නවා සේම ඔහු හෝ ඇය ඇසුරු කරන අයට ද ඒ බව නොවැටහෙනු ඇත. ඒ එයාගේ හැටි යෑයි කියන්නේ එබැවිනි. ඇතැම් අයට මෙවැනි තත්ත්වයන් පිළිබඳ අවබෝධයක්‌ ඇති වූවත් ඊට පිළියම් සෙවීමට පෙලඹෙන්නේ නැත.

මෙවැනි මානසික ව්‍යාධි තත්ත්වයන් යටතේ බිරිඳට කායිකව, මානසිකව මෙන්ම ලිංගික වශයෙන්ද හිංසා කරන පිරිමි ඇතැම් අවස්‌ථාවලදී තම දරුවන්ට පවා එවැනි හිංසන සිදු කිරීමට පෙලඹෙනු ඇත. ඇතැම් අයට තම දරුවාව එවැනි ව්‍යාධි අවස්‌ථාවකදී බිරිඳ ලෙස දෘශ්‍ය වීමට ද ඉඩ ඇත. මෙසේ මනසේ ඇතිවන විකෘතිතාවලින් දරුවන්ට සිදුවන බලපෑම අති බිහිසුණුය. එබැවින් මීට පිළියම් යෙදිය යුතුමය.

පූර්ව විවාහ උපදේශනය

තම පෙම්වතා තමාට දැඩි රැකවල් දමනවා නම්, අනවශ්‍ය ලෙස පාලනය කරන්නේ නම්, නිතර නිතර සැකයෙන් යුතුව ක්‍රියා කරනවා නම් විවාහයට පෙර උපදේශනයකට යොමු වීම සුදුසුය. එවැනි අවස්‌ථාවකදී එය සාමාන්‍ය තත්ත්වයක්‌ ද මානසික පීඩනයක මුල් අවස්‌ථාවද නැත්නම් ප්‍රතිකාර ගත යුතු රෝගී අවස්‌ථාව ද යන්න හෙළිදරව් වනු ඇත. එදිනෙදා කටයුතුවලට බාධා වන ලෙස නීති පනවන්නේ නම් එය ආදරය යෑයි සරළව සිතිය නොහැක.

පසු විවාහ උපදේශනය

මෙවැනි කෙනකු සමග විවාහ වීමෙන් එම තත්ත්වය තව තවත් වැඩිවනු ඇත. අසාමාන්‍ය තත්ත්වය මුලින්ම හොඳින් අවබෝධ කරගත යුතුය. මෙවැනි ව්‍යාධියක්‌ ඇති කෙනෙක්‌ තමාට එවැනි තත්ත්වයක්‌ ඇති බව කිසිසේත් විශ්වාස නොකරනු ඇත. එබැවින් උපක්‍රමශීලීව එවැනි අය උපදේශනයට යොමු කරවාගත යුතුය. ඒ සඳහා උපදේශකයකුගේ සහාය ලබා ගැනීමට හැකිය. එවැනි කෙනකු සමග ජීවත් වීමට ද සෙසු අයට උපදේශනයක්‌ අවශ්‍ය වේ.

මෙවැනි හිංසාවලින් තවදුරටත් පීඩා විඳිමින්, දුක්‌ උහුලනවා හැර විසඳුම් සෙවීමට දැන් කාලය උදාවී ඇත. ඒ සඳහා පහසුකම් ද ඕනෑතරම් තිබියදී ගෙයි ගින්දර පිටට නොදෙන න්‍යායයෙන් තවදුරටත් කල් ගෙවුවහොත් මෙවැනි ව්‍යාධියක කෙළවර මිනී මැරුමක්‌ විය හැකිය. අහිංසක දරුවන් ද එහි ගොදුරු බවට පත්වීමට පෙර ඊට ප්‍රතිකාර ගත යුතු බවට මෙම ලිපිය මාර්ගෝපදේශනයක්‌ම වනු ඇත.

තරැණියෝ නාන හැටි හොරෙන් බලන එක මානසික ගැටලුවක්ද ?


        කාන්තාවන්ගේ  සිරැරෙහි වැසි ඇති කොටස් පිළිබදව පිරිමින් තුල කුතුහලයක් පවති.පිරිමින්ට පමනක් නොව ඒය කාන්තාවන්ටද එසේමය.සැබැවින්ම ලිංගික කුතුහලය ඇතිවන්නේ ස්ත්‍රි පුරැෂ භේදයකින් තොරවය.ලිංගික හැගීමි උත්දීපනය වන නව යොවුන් වයසේදි මෙි ස්වභාවය වැඩිබවක් දක්නට ලැබෙි.සිරැරෙහි වැසි ඇති ස්ථාන කෙරෙහි ඇතිවන ආකර්ශණයද මෙම වයසේදි වැඩි වෙි.එවැනි වැසි ඇති ස්ථාන දෙස හොරෙන් බලා රස විදින බව රහසක්ද නොවෙි.කාන්තාවන් නාන විට ඇදුමි මාරැ කරන විට  දකින ඔවුන්ගේ අගපසග නිසා නව යෞවනයාගේ ලිංගික හැගීමි උත්දීපනය වෙි.නමුත් කල් යත්ම තම ප්‍රේමවන්තියගේ හෝ විවාහක බිරියගේ අගපසග දකින්නට ලැබීමත් සමග පෙර තිබු කුතුහලය ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනි.පෙර නොදැක තිබු අගපසග නිතර නිතර දැකගැනීමට අවස්ථාව ලැබීමත් එම දසුන ඉතා සාමන්‍ය දෙයක් බවටද පත් වෙි.එසේ වුවත් වෙනත් ස්ත්‍රින්ගේ සිරැර දෙස හොරෙන් බලා රස විදිමෙි ස්වභාවයක්ද පිරිමින් තුල පවති.මෙය සාමාන්‍ය තත්වයකි.
           එහෙත් කලාතුරකින් කාන්තාවන් නානවිට ඇදුමි මාරැ කරන විට හොරෙන් බලා සිට අසාමාන්‍ය ලෙස ආශ්වාදයක් ලැබීමට පුරැදු වූ පිරිමින් දැක ගත හැක.මෙය රෝගයක් නොවුනත් එය ලිංගික අවවර්ථනය හෙවත් විකෘති තාවයකි.දර්ශාස්වාදය ලෙසින් මෙම විකෘති තාවය හදුන්වනු ලැබෙි.එවැනි පුද්ගලයකුට ආශ්වාදය ලැබෙන්නේ හොරෙන් බැලීමෙන් පමනකි.කාන්තාවක් සමග ලිංගික සමිබන්ධතා පැවත්වීමෙන් ලබනවාට වඩා ආශ්වාදයක් මෙයින් ඔවුන් ලබයි.එසේ වන්නේ කෙසේදැයි කෙනෙකුට ගැටලුවක් ඇති විය හැක.මෙහිදි ආශ්වාදය යනු ශුක්‍ර මෝචනය වීම පමනක්ම නොවෙි.ඔවුන්ට මානසිකව දැනෙන පූර්ණ තෘප්තිමත් භාවය කාන්තාවක් සමග ලිංගිකව එක්වනවාට වඩා කතුන්ගේ නිරැවත දෙස හොරෙන් බලා සිටිමෙන් ලැබෙි.
                     මෙය විවාහක අවිවාහක භේදයකින් තොරව දක්නට ලැබෙන ස්වභාවයකි.අවිවාහකවම ජීවිතගෙවන සමහර පුද්ගලයන් තුල දර්ශාස්වාදය තිබිය හැක.දර්ශාස්වාදය ඇති සමහර පුද්ගලයකු විවහා වුවහොත් පවුල් දිවිය තුල ගැටලු ඇති විය හැක.තම බිරිද වෙතින් කායික ආශ්වාදයක් අපේක්ෂා නොකරන මොවුන් ඇය නාන විට පවා ඇයට නොදැනෙන ලෙස හොරෙන් බලා සිට ආශ්වාදයක් ලබන්නට පවා පෙලඹිය හැක.තව සමහරකු බිරිදගෙන් ලබන ආශ්වාදයට වඩා ආශ්වාදයක් අන් කාන්තාවන්ගේ නිරැවත දෙස හොරෙන් බැලිමෙන් ලබයි.එවැනි  පුද්ගලයන් හා විවාහ වන කාන්තාව තම ස්වාමිපුරැෂයාගේ මෙම පුරැද්ද නිසා දැඩි සේ අපහසු තාවයට පත් වෙි.විවාහ වි තෙමස් පමන වූ එක් කාන්තාවක් මනෝවෛද්‍යවරයකුට පවසා සිටියේ තම ස්වාමිපුරැෂයා තුල මෙම පුරැද්ද පවතින බවය.ඔහු ඇය සමග ලිංගික සමිබන්ධතා පැවැත්වීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.මුලින් ඇය තම ස්වාමි පුරැෂයාගේ ලිංගික ආවර්ථනය පිළිබද දැන සිටියේ නැත.එක් අවස්ථාවක තමා නාන දෙස තම ස්වාමි පුරැෂයා හොරෙන් බලා සිටිනවා දුටු ඇයට ගැටලුවක් ඇති විනි.එනමි තම සිරැර අවශය තරමි දැකබලා ගන්නට අවස්ථාව තිබියදීත් එලෙස හොරෙන් බලා සිටින්නේ ඇයිදැයි යන්න ඇයට ගැටලුවක් විය.එක් වරක් නොව කීප අවස්ථාවකදීම තම ස්වාමි පුරැෂයා එලෙස බලා සිටිනවා දුටුවත් ඒ පිලිබද විමසන්නට නොගියාය.එහෙත් දින කීපයකට පසුව කාන්තාවන් නැවති සිටින නේවාසිකාගරයක ආසන්නයේ සැගවි එම කාන්තාවන් නාන විට බලා සිටින විට මොහු අසුවී පිරිස එක්ව පහර දී ඇත.තම ස්වාමියා යමි ගැටලුවකින් යුතු පුද්ගලයකු බව ඇයට වැටහෙන්නට පටන් ගත්තේ ඉන් පසුවය.ඇය ඔහුව උපදේශනය වෙත යොමු කලේ ඔහුව කෙසේ හෝ එයින් ගලවා ගත යුතු වූ නිසාය.
               මෙම ලිංගික අවවර්ථනය සදහා හේතු වන්නේ මෙි මෙි කරැනු යයි නිශ්චය වශයෙන් පෙන්විය හැකි හේතුකරැනු නැත.එසේ වුවත් පොදුවෙි සලකා බලන විට මොවුන් තුල පෞරෂ උෟනතාවයන් දක්නට ලැබෙි.මෙම ඇබිබැහි වීම තදින් ඇති පුද්ගලයෝ එබදු අවස්ථා සොයා සෙයා ගොස් සැගවී සිට බලා සිටිති.කාන්තා අගපසග නැරඹුවාට ඔවුන් සමග ලිංගිකව එක්වන්නට හෝ බලහත්කාරකමි කරන්නට යාමක් සිදු නොවෙි.හොර රහසින් බලා සිටිමම ඔවුන් ලබන ආශ්වාදයයි.මෙිවනි පුද්ගලයන් අසුව පහර කෑ අවස්ථාද ඇත.එහෙත් තම පුරැද්ද එයින් නතර නොවෙි.මන්ද යත් ඒ සියල්ලෙන්ම ආශ්වාදයක් ලැබීමට ඔවුන් ක්‍රමයෙන් පුරැදු වෙි.කෙසේ වුවත් මෙම ලිංගික ආවර්ථනය ඇති කාන්තාවන් දැකිය නොහැකි තරමිය.එසේ ඇත්නමි ඒ ඉතාමත්ම කලාතුරකින් විය හැක.ඔබතුල හෝ ඔබදන්නා යමි අයකු තුල මෙම පුරැද්ද පවතිනමි මනෝවෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු වෙි.       

ඔබ අධික ලිංගික ආශාවකින් යුක්තද.එහෙනමි මෙම ලිපිය කියවන්න.

                ලිංගික ආශාව කියන්නේ මුනෂ්‍යයන්ට වගේම සත්ත්වයන්ටත් පොදු දෙයක්.මානව හා සත්ත්ව ගහණය වර්ධණය වීමෙහිලා වැදගත්වන ප්‍රධානතම සාධකය වන්නේත් සංසර්ගයයි.සතුන් මෙන් නොව මිනිසා තම ලිංගිකත්වය සමිබන්ධ කාර්යන් වලදි වඩා සදාචාර සමිපන්න ලෙසින් ඒවා ඉටුකරගනි.එමෙන්ම තම ලිංගික හැගීමි ආශාවන් පාලනය කරගැනීමෙි හැකියාව මිනිසාට ඇත.එසේ පාලනය කරගැනීමෙි හැකියාවක් නැති සදාචාරය නොසලකා හරිමින් තම ලිංගික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට කටයුතු කරන පුද්ගලයන්ද ඉදහිට හෝ අප අතර නැතිවා නොවෙි.මෙි අතර තම ලිංගික අවශ්‍යතා ආශාවන් පාලනය කරගත නොහැකි අසාමාන්‍ය ලෙස අධික ලිංගික ආශාවන් ඇති පුද්ගලයන්ද අප අතර දක්නට ලැබෙි.දිනකට කාන්තාවන් කීප දෙනෙකු සමග ලිංගිකව එක්වන්නට තදබල ආශාවක් පිරිමියකුට ඇතිවීම හෝ එැවනිම ආශාවක් කාන්තාවකට ඇතීවීම මානසික ව්‍යාකූල බවක ලක්ෂණයක් විය හැක.දිනකට පිරිමින් කිහිප දෙනෙකු සමග ලිංගිකව එක්වෙමින් ගණිකා වෘත්තියේ යෙදෙනෙ කාන්තාවන් මෙහිලා සැලකිය නොහැක.ඇය එසේ ලිංගිකව හැසිරෙන්නේ තදබල ලිංගික ආශාවක් නිසා නොව කෙසේ හෝ යමි මුදලක් උපයා ගැනීමෙි අරමුණ මුල් කරගෙනය.කෙසේ වුවද කීප දෙනෙකු සමග ලිංගිකව එක්ව ඉන් ආශ්වාදයක් ලැබීමෙි දැඩි ආශාව මානසික ව්‍යාකූල ලක්ෂණයක් ලෙසින් හදුනා ගෙන ඇත.යමෙකුට අධික ලිංගික ආශාවක් ඇතීවීම කෙරෙහි හේතු කාරණා කීපයක්ම බලපෑ හැක.මුලින්ම ඒවා එකිනෙක විමසා බලමු.



  හෝමෝනවල වෙනස්කම්                
          අධික ලිංගික හැසිරීම් පළවීම හෝමෝනවල වෙනස්කම් නිසාද හට ගැනීමට පුළුවන්. ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හට  ගත් විට ද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයා බැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ  වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමු වීම වඩා සුදුසුය. එහිදී නම් හෝමෝන පරීක්ෂණයක් මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්න සොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළඟට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු විය යුතුයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික රෝග පිළිබඳ වර්ගීකරණයෙහි  (BH 10) c ලෙසින්  මේ තත්ත්වය හැඳින්වෙනවා. මෙය ‍පොදු නාමය වුවද කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින්  තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස්  ලෙසිනුත් හඳුන්වනවා.
                    දැන් අපි අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු විමසා බලමු.මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය නමින්  මානසික රෝග තත්ත්වයක් තිබෙනවා.  ද්වී ධ්‍රැවීය යනු අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේ ද 1 සහ 2 ලෙසින් කොටස් දෙකක් තිබෙනවා. මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1 හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි.  ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝග ලක්ෂණ පළ කරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා. ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ  හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝග ලක්ෂණ පළ කරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නෙ නෑ. නමුත් මේ රෝගීනට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි.  ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත  යුතු තත්ත්වයක් නොවෙයි. මේ රෝගීනට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
            ද්වී ධ්‍රැවීය අංක 1හි එක් අන්තයක් වන්නේ  මේනියා රෝගය බව  ඉහත සඳහන් කළා. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඳෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිබෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළ කරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි. සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වූවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිබෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. ඕනෑම කෙනෙකු ඉදිරියේ වුවද ලිංගික හැසිරීමක යෙදීමේ හැකියාව එම රෝගය වැළඳුනු කාන්තාවන් තුළ විශේෂයෙන් දක්නට ලැබෙනවා. ඕනෑම තැනක ඕනෑම විටෙක කිසිදු අපහසුවක් නැතිව තම නිරුවත දැක්වීමට මේ කාන්තාවන්ට පුළුවන්. නමුත් අප  මේ කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන නොවෙයි. මේනිසා රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිබෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුය.

  මත්පෙති ගැනීම
           නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදු වෙනවා.
  පෞරුෂ දුබලතා  

        අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතා ද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී   හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි. මෙවැනි යුවතියන් තමාට මුණ ගැහෙන පෙම්වතාගේ චාටු බස්වලට ඉක්මනින්ම රැවටෙන අතර ඒ නිසාම පෙම්වතා වෙතින් අමාරුවේ වැටෙනවා. අන්තිමේ තමන්ට අහිමි වූ ආදරය සොයා විවිධාකාර පෙම්වතුන්ගේ ඇසුරට පත්වී ඔවුන් කෙරෙහි විශ්වාසය තබා වැඩි පිරිමින්  සංඛ්‍යාවක් සමග ලිංගිකව එකතු විය හැකියි.                අනතුරු මගින් මොළයට හානි සිදුවීම කිසිදු මානසික ආබාධයක් නැතිව වුවත් හදිසි අනතුරක් වැටීමක් වැනි දෙයක් මගින් මොළයේ ඉදිරිපස පිහිටි කොටස්වලට හානියක්  වුණොත් කිසිදු ලජ්ජාවක් බයක් නැතිව ඕනෑම කෙනකු හා ලිංගිකව එකතු විය හැකියි. අපගේ ලිංගිකත්වය පිළිබඳ හැඟීම් පාලනය කරන්නේ මොළයේ ඉහත කී කොටස්වලින්. මේවාට හානිවීම මත ලිංගික හැඟීම් පාලනය කිරීමට මොළයට නොහැකි වෙනවා.අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් පළ කිරීමට හේතු බොහෝ විටම මේවායි. ඒ අනුව එබඳු කෙනකුට කායික හේතුවකින් තොරව එවැනි ලක්ෂණ ඇති වන්නේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.


වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි