විවාහදිවිය ලිංගිකත්වය හා අනියමි සබදතා


      අපේ සමාජයේ පවුල් අතර අද දක්‌නට ලැබෙන දෙදරා යැම්වලින් සියයට අසූවකට පමණ හේතු වී තිබෙන්නේ ලිංගිකත්වය ගැන අඹු සැමියන් අතර ඇති අනවබෝධයයි. බොහෝ දෙනෙක්‌ මෙය විවෘතව සාකච්ඡා කිරීමට අකමැති මාතෘකාවක්‌ වන නමුත් එසේ සඟවා සිටීමෙන් සිදුවන්නේ පවුල් සංස්‌ථාව දෙදරා යැමට ලක්‌වීමයි.විවාහ සංස්ථාව තුලදි ඇතිවන ලිංගික ගැටලු සාකචිඡා කර එවාට විසදුමි පිළියමි යෙදීම නොකල හැකි කාර්යක් නොවෙ.ලිංගිකත්වය පිළිබඳ ඔවුනොවුන්ට ඇතිවන ගැටලුවලට අද බොහෝ අඹු සැමියන් විසඳුම් සොයන්නට පෙළඹී සිටින්නේ අනියම් සබඳතා ඇතිකර ගැනීමෙන්. වර්තමාන සමාජයේ සෑම පවුල් සියයකින් පවුල් හතළිහක්‌ විවිධ ප්‍රශ්නවලට මුහුණ පා සිටිනවා. ලිංගිකත්වය ඒ අතරින් ප්‍රධාන ප්‍රශ්නයක්‌. ලිංගිකත්වය ප්‍රශ්නයක්‌ බවට පත්වීමට බලපාන එක්‌ හේතුවක්‌ ලෙස සැකය හඳුන්වන්න පුළුවන්. සැකය යමෙක්‌ තුළ මානසික රෝගයක ලක්‍ෂණයක්‌ ලෙසත් මතුවන අවස්‌ථා තිබෙනවා. ඊට අමතරව යමෙක්‌ තුළ ලිංගිකත්වය පදනම් කර ගෙන මතුවන සැකය නිසාත් ලිංගිකත්වය ඔහු තුළ ප්‍රශ්නයක්‌ බවට පත්වෙනවා.

         ලිංගික මාත්සර්ය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය වර්තමාන බොහෝ අඹු සැමියන් අතර දක්‌නට ලැබෙනවා. කිසිදු හේතුවක්‌ නැතිවත් තම බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා වෙනත් පුරුෂයකු හෝ ස්‌ත්‍රියක සමග අනියම් සබඳතාවක්‌ ගොඩනගාගෙන ඇතැයි ලිංගික මාත්සර්යෙන් පෙළෙන කෙනෙක්‌ තුළ සැකයක්‌ ඇතිවෙනවා. මෙය ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කොට ඇතිවන තත්ත්වයක්‌. මෙය වැළඳුණු පුද්ගලයා කිසිදු සාධාරණ හේතුවක්‌ නැතිව තම බිරිඳට හෝ ස්‌වාමිපුරුෂයාට විවිධ තහංචි පනවන්නට පෙළඹෙනවා. තනිව ගමන් බිමන් යැමට, හුදකලාව සිටීමට තම බිරිඳට හෝ ස්‌වාමි පුරුෂයාට ඉඩ නොදෙන එබඳු අය පසු කාලයේ එයටත් වඩා දැඩි තහංචි පනවන්නට පවා පෙළඹෙනවා.

ලිංගික මාත්සර්ය වැළඳුනු පුද්ගලයකුට තම බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා සමග තෘප්තිමත් ලිංගික සබඳතාවක්‌ පැවැත්වීම අපහසුයි. මෙය අද බොහෝ පවුල් තුළ දක්‌නට ලැබෙන විවිධ අඬදබර, දික්‌කසාද වීම් පමණක්‌ නොව සියදිවි නසාගැනීම් පවා සිදුවීමට හේතු විය හැකි කාරණයක්‌. බොහෝ අවස්‌ථාවල අඹු සැමියන් එකිනෙකා අතහැර යැම, අනියම් සබඳතා ඇතිකර ගැනීම වැනි තත්ත්වයන් ඇතිවීමටත් ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කරගෙන කෙනෙක්‌ තුළ ඇතිවන සැකය හේතුවන්නට පුළුවන්. ලිංගික තෘප්තිමත්භාවය පිළිබඳ අද බොහෝ අඹු සැමියන් අතර නිවැරැදි වැටහීමක්‌ නොමැති නිසාත් මේ පිළිබඳව බොහෝ අඹු සැමියන් විවෘතව සාකච්ඡා කිරීමට අකමැති නිසාත් අද අතෘප්තිකර විවාහ ජීවිත ගත කරන පිරිස වැඩියි. මේ පිරිස අනියම් සබඳතාවලට හෝ වෙනත් විකල්පවලට යොමු නොවී මනෝවෛද්‍ය උපදේශනවලට සහභාගි වුවහොත් ඔවුන්ට තෘප්තිමත් විවාහ ජීවිතයක්‌ ගත කරන්න පුළුවන්. ලිංගික උපදේශනය තුළම ලිංගික ප්‍රතිකාරත් ක්‍රියාත්මක වන නිසා අද අඹු සැමියන් ලිංගිකත්වය ගැටලුවක්‌ කරගත යුතු නැහැ.

අඹු සැමියන් අතර බරපතළ අර්බුද ඇතිකරන අනියම් සබඳතා සඳහා කාන්තාවන් හෝ පුරුෂයන් පෙළඹෙන හේතු ගණනාවක්‌ තිබෙනවා. තම බිරිඳගේ ලිංගික අක්‍රියභාවය, ලිංගික කටයුතු කෙරෙහි පළවන අකැමැත්ත මෙන්ම අඹු සැමි සබඳතාවලදී ඇති වන වේදනාව වැනි හේතු මත ස්‌වාමිපුරුෂයකු අනියම් සබ¹වක්‌ ඇතිකර ගැනීමට පෙළඹෙන්න පුළුවන්. තම බිරිඳ තුළ මෙබඳු තත්ත්වයක්‌ ඇතිවීමට හේතු වී ඇති කරුණු පිළිබඳ හෝ ඇය සමග මනෝ උපදේශන සේවාවකට යොමු වී මේ තත්ත්වයට විසඳුමක්‌ ලබාගැනීමට බොහෝ ස්‌වාමිපුරුෂයන් කල්පනා කරන්නේ නෑ. ලිංගිකත්වයට දක්‌වන අකමැත්තට හේතු සොයන්නට ඕන. හේතු සොයාගෙන ඊට පිළියම් යොදන්නට පුළුවන්. අනියම් සබඳතා වැනි සමාජ විරෝධී කටයුතුවලට පෙළඹීමෙන් සිදුවන්නේ තම පවුල විනාශ වී යැමත් ඒ නිසා දරුවන් නොයෙක්‌ ෙ€දවාචකයන්ට ගොදුරුවීමත්ය.

කාන්තාවක්‌ ලිංගික අක්‍රියතාවට ගොදුරුවීමට මානසික හේතු බලපාන්නට පුළුවන්. එක්‌ අවස්‌ථාවක මනෝ වෛද්‍ය සායනයකට සහභාගි වූ තරුණ සැමියෙක්‌ තම බිරිඳ ලිංගික කටයුතු කෙරෙහි දැඩි අකැමැත්තක්‌ පළකරන බව කියා සිටියා. ඇය සමග කළ සාකච්ඡාවකදී හෙළිකර ගත හැකි වූයේ විවාහයට පෙර ඇය පුද්ගලයකුගේ ලිංගික අතවරයකට ලක්‌වූ තැනැත්තියක්‌ බවයි. තම සැමියා සමග ලිංගික සබඳතාවකට සැරසෙන සෑම විටකම ඇයට තමා අතවරයට පත් වූ අවස්‌ථාව මැවී පෙනෙන බව ඇය පවසා සිටියා. තමාට අතවර කළ පුද්ගලයා කෙරෙහි වෛරයත් ඒ සිදුවීම පිළිබඳ පිළිකුලත් නිසා ඇය ලිංගික කටයුතු දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන මානසික තත්ත්වයකට පත්ව සිටියා. මෙබඳු පශ්චාත් මානසික පීඩනයන් හරහා ලිංගික ජීවිතය ප්‍රතික්‍ෂේප කළ කාන්තාවන් අපේ සමාජයේ සිටිනවා. දෙමාපිය බලපෑම් හෝ වෙනත් හේතු මත විවාහ ජීවිතයට ඇතුළත් වුවත් මෙවැනි පශ්චාත් මානසික පීඩන මත ඇතිකරන අවිඥනික පෙලඹවීම් නිසා ඔවුන් ලිංගික ජීවිතයෙන් ඈත් වෙනවා.

මෙබඳු මානසික පීඩනයන්ට බොහෝවිට පත්වන්නේ තම පියා, මාමා, සහෝදරයා වැනි පවුලේ ළඟම ඥතීන්ගෙන් ලිංගික අතවරයන්ට ලක්‌වූ අය මනෝ වෛද්‍ය උපදේශනය තුළින් මෙබඳු තත්ත්වයන්ට සාර්ථකව පිළියම් යොදන්නට පුළුවන්.

විවාහ ජීවිතයට ඇතුළත් වීමට පෙර අඹු සැමි සබඳතා පවත්වන පෙම්වතුන් අද සමාජයේ බහුලව සිටිනවා. නමුත් ලිංගිකත්වය පිළිබඳ මේ වැඩිදෙනෙක්‌ තුළ නිසි අවබෝධයක්‌ නෑ. උපත් පාලන ක්‍රම, ලිංගික තෘප්තිය ආදිය පිළිබඳ මේ අය දරන ආකල්ප නිසා විවාහයෙන් පසු විවිධ ගැටලුවලට මේ අය මුහුණ දෙනවා. උපදේශන සේවාවන්ට යොමු වන මෙබඳු අය වැඩිදෙනෙක්‌ අඹු සැමි සබඳතා පිළිබඳවත් ලිංගික තෘප්තිය පිළිබඳවත් ගැටලු සහගත තත්ත්වයක පසුවන බව පෙනෙනවා. අද තරුණ පෙම්වතුන් වැඩිදෙනෙක්‌ විවාහ වෙන්නෙ ජීවිතය පිළිබඳ ලොකු අවබෝධයකින් නෙමෙයි. අෙන්‍යාන්‍ය සබඳතා පිළිබඳ එකිනෙකාගෙ අදහස්‌වල ගැලපීම් සහ නොගැලපීම් පිළිබඳ මේ තරුණ පෙම්වතුන්ට ගැඹුරු අවබෝධයක්‌ නෑ. ඔවුන් බොහෝ දෙනෙක්‌ විවාහය නමැති සිහින ලෝකයේ ලිංගිකත්වය තුළ අතරමං වෙනවා. හැඟීම්වලට වහල් වෙලා විවාහය පිළිබඳ ඉක්‌මන් තීරණ ගැනීමත් අද දකින්නට ලැබෙන පවුල් අවුල්වලට එක හේතුවක්‌. අනියම් සබඳතා තුළින් ලිංගික සතුට සෙවීමත් ලිංගිකත්වය පිළිබඳ තමා තුළ ඇති අනවබෝධයේ ප්‍රතිඵලයක්‌. ලිංගිකත්වය ආශ්වාදනීය දෙයක්‌. එය ගොඩනැගෙන්නේ විශ්වාසය මතයි. තවකෙකුට හානි කිරීම හෝ තවකෙකු පීඩාවට පත් කිරීම යහපත් ලිංගික චර්යාවකට අයිති නෑ.

නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක්‌ ලිංගිකත්වය දැඩි ආත්මාර්ථකාමී ස්‌වභාවයකින් ක්‍රියාත්මක කරන බව ද පැහැදිලියි. ලිංගික හිංසනය, අපයෝජනය, අනියම් සබඳතා හරහා සිදුකරන බලපෑම්, පෙම්වතිය මිතුරන් අතර හුවමාරු කරගැනීම මෙන්ම ඇය සමග ලිංගිකව හැසිරුණු අවස්‌ථා වීඩියෝ කොට ඇයට තර්ජනය කිරීම් වැනි දේ වර්තමාන සමාජය තුළ සුලභ සිදුවීම් බවට පත්ව තිබෙනවා. ලිංගිකත්වයේ මෙම වැරදි යෙදීම් නිසා සියදිවි නසා ගැනීමටත් අද මෙය හේතුවක්‌ වී තිබෙනවා. ලිං
ගිකත්වය වැරැදි ආකාරයට යොදා ගැනීම මනෝ ව්‍යාධියක්‌. නිසි මනෝ උපදේශන තුළින් මේ තත්ත්ව වළක්‌වා ගන්න පුළුවන්. නමුත් වර්තමාන සමාජයේ තරුණ තරුණියන් සහ අඹු සැමියන් වැඩි දෙනෙක්‌ ඒ සඳහා යොමු නොවීමෙන් පවුල් සංස්‌ථාවේ බිඳවැටීම සමාජ අර්බුදයක්‌ බවට පත්වෙමින් තිබෙනවා.


( පුවත්පතක පලවූ ලිපියක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරින)

0 comments:

Post a Comment

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි