කවුද හොරු ?



      පාසල් අවධිය කියන්නේ අපේ ජීවිතයේ සුන්දරව ගෙවි ගිය අවධියක්.පාසල් සමයේ මිහිරි සුන්දර මතකයන් තවමත් අපේ හිත්වල රැදිලා තිබෙනවා.පාසලට සමුදීලා බොහෝ කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ඒ සොදුරැ අවධියට අපි ඇලුමි කරන බව රහසක් නෙවෙයි.මගේ පාසල් දිවියේ සුන්දර මතකයන් අතරින් කිහිපයක් ඔබත් සමග බෙදා හදාගන්නයි අද සූදානමි වෙන්නේ.දගකාර යෞවන වයසේදි අපි මොනවද නොකරන්නේ.පාසල් පංති කාමරේදි මිතුරන් එක්ක එකතු වුනාම කරන කියන සමහර දේවල් ඇත්තෙන්ම කලේ දගකාරකම නිසාමයි.මෙ මගේ පාසල් මතකයේ එවැනි එක් සිදුවීමක්.

**********************************************************************************

     ඒ ගෙවිලා ගියේ නොවැමිබර් මාසය.පාසල් වාර විභාගයත් ආරමිභ වෙලා දින කිහිපයක් ගතවෙලා තිබුනා.එදා වෙනදට වඩා කල් වෙලාසනින් වාර විභාගය අවසන් වුනා.අපි මිතුරෝ කිහිප දෙනෙක් එකටම නිවෙස් වලට එන්න පිටත් වුනා.ටිකක් දුර පයින්ම ආව අපි මහන්සියි වගේ දැනුන නිසා මග නැවතුනා.හොදටම මහන්සියි ඒ වගේම බඩගිනියි.අතේ තිබුන මුදලුත් උදේම අවසන් වුනා.කල්වෙලාසනම නිවෙස්වලට යන්නත් කමිමැලියි වගේ.දැන් මොකද අපි කරන්නේ.කෙලින්ම නිවෙස්වලට යනවද.නැත්නමි වෙනත් විකල්පයක් තියනවද ?.හැමෝම මෙ ගැන සාකචිඡාව

        ටික වෙලාවකට පස්සේ අපි තීරණය කලා පන්සල් වත්තේ තැඹිලි කැඩීම වඩාත් සුදුසු බව.ඒ යෝජනාව ඒකමතිකව සමිමත වුනාට පස්සේ  අට දෙනෙක් විතර  හිටපු අපේ කණ්ඩායම තව කිලෝමීටරයක් විතර දුර ඇවිත්  පන්සල් වත්තට රිංගාගත්තා.අක්කර පහලොවක් වගේ විශාල පන්සල් වත්තේ කෙලවරේම තියන තැඹිලිගස් ටිකේ ගෙඩි පිරිලා තිබුනා.වටපිටාවෙ කවුරැවත් පෙන්න නැති එක අපේ වැඩෙට තවත් රැකුලක් වුනා.අපේ එක කොල්ලෙක් හෙමින් සීරැවෙ ගහ මුදුනටම නැග්ගා.සුළු මොහොතයි ගතවුනේ පන්සලේ නායක හාමුදුරැවෝ තවත් දෙන්නෙකුත් එක්ක අපි ඉන්න පැත්තට කඩාගෙන බිදගෙන එනවා.අපි තැඹිලි ගහ උඩ ඉන්න අපේ මිත්‍රයාට කතා කලා.ඒත් දැන්නමි තැඹිලි ගහෙන් බිමට බැහැගන්න අපේ මිත්‍රයාට කොහොමටවත් බැ.වෙලාවක් ඇත්තෙම නැ.



මචං මොකද කරන්නේ බැහැපං ඉක්මනට......

උඹලා දුවපල්ලා මට බහින්න බැ බං ඔය තරමි ඉක්මනට......

උඹ දාලා යන්නේ කොහොමද ? උඹ අහුවෙනවනේ දැන්......

නැ නැ උඹලා පලයල්ලකෝ..මම ඒකට මොකක් හරි කරන්නමි.....

බැ බැ එහෙම බැ බං බැහැපංකෝ ඉක්මනට.....

පලයල්ලකෝ හු... ඉක්මනට.....නැත්නමි ඔක්කොම අහුවෙනවනේ..මම ඒක බලාගන්නමි කීවනේ හු....... 
දැන් පලයවිකෝ.....



අපි උගේ බෑග් එකත් අරගෙනම ටිකක් දුර දුවගෙන ඇවිත් මග නැවතුනා.පැය භාගයක් විතර බලාගෙන ඉදලා අපේ එකා ආවෙ නැත්නමි අපි හැමෝම ආයෙත් යමු කියලා කතා වුනා.විනාඩි විස්සක් විතර යනකොට මෙන්න අපේ බුවා එනවා.


මොකද මචං වුනේ..උඹ අමිබානක කෑවද ?.......

නෑ බං මගෙන් අපි හැමෝගෙම නමි ටික ඉල්ලගත්තා..අදම ප්‍රින්සිපල්ට දෙනවා කීවා........

ඉතින් උඹ දුන්නද අපේ නමි.....

නැතිව මම දුන්නා..අට දෙනාගේම නමි ටිකයි පන්තියයි ලියලා දුන්නා....

මොකක්ද බං කරේ.උඹ අපිව පාවලා දුන්නද ? කැත වැඩක්නේ බං කරලා තියෙන්නේ.....

ආ...උඹලා  මාව දාල දිවිවෙ එහෙනමි..ඒක හොද වැඩක්ද එතකොට.......

අනේ පලයං..උඹමනේ කීවෙ අපිට යන්න කියලා..බලාගන්නමි කීවෙ ඔක්කොම.....

           ඔන්න ඔය විදියට කතාව දිගටම ඇදුනා.හෙට පාසලේදි මොනව උනත් වාර විභාගේ නිසා යන්නම වෙනවා.අපි නිවෙස්වලට යනතුරැම අපිව පාවාදුන්න එක ගැන අපේ එකාට දෙස්දෙවොල් තිබිබා.

***************************************************************************************
     පහුවෙනිදත් වෙනදා වගේම උදැසනම අපි හැමෝම පාසලට ආවා.උදැසන පාසල් රැස්වීම ආරමිභ කරන්න කලින් අපිට විදුහල්පති තුමාගෙන් පනිවිඩයක් අවා ඉක්මනින් එතුමාගේ ඔෆිස් එකට එන්න කියලා.අපේ පංතියෙන් මටයි තව එක් ශිෂ්‍ය නායකයකුටයි එන්න කියලා තිබුනා.( මුලින් සදහන් කරන්න අමතක වුනා මම ඒ වෙනකොට ශිෂ්‍ය නායකයෙක් කියන එක).අපි යනකොටත් එතනට තවත් ශීෂ්‍යනායකයෝ කිහිප දෙනෙක් කැදවලා තිබුනා.මොකක්ද කොල කැබැල්ලක් බලමින් හිටපු විදුහල්පති තුමා අපි දිහාවට හැරැනා.හොදින් අපි හැමෝම දිහා බැලුවා.අතේ තිබුන කොල කැබැල්ල මෙසේ උඩින් තියලා අපෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා.

දන්නවද මෙකේ මොනවද තියෙන්නේ කියලා...

නෑ සර්.....

ඊයේ පන්සල් වත්තේ හොරෙන් පොල් කඩලා තියනවා ලොකු පන්තිවල ලමයි කිහිපදෙනෙක්.ගහේ හිටපු කෙනා විතරක් නායක හාමුදුරැවන්ට අල්ලගන්න පුලුවන් වෙලා.බිම ඉදලා දුවපු අයගේ නමි ටික මෙකේ ලියලා දීලා තියනවා.දන්නවද මෙකේ තියන නමි මොනවද කියලා........

නෑ සර් දන්නේ නැ...

හ්මි ...මෙක ගන්නවා අතට කවුරැහරි....

විදුහල්පති තුමා එහෙම කීව ගමන් අර මෙසේ උඩ තිබුන කොල කැබැල්ල මම මගේ අතට අරගත්ත.

දැන් කියනවා බලන්න නමි ටික.උඩම තියෙන්නේ ගහේ හිටපු කෙනාගේ නම.මොකක් කියලද ලියලා තියෙන්නේ.....

මම බැලුවා උඩම තිබුන නම.ඒ නම දැක්කා විතරයි අමාරැවෙන් හිනාව තද කරගත්ත මම ඒ නම හැමෝටම ඇහෙන්න කීවා..

ඒ.කේ තිලකරත්න ...  13 වසර
  
කවුද   ඒ.කේ තිලකරත්න කියන්නේ....විදුහල්පතිතුමාගෙන් ප්‍රශ්නයක්

සර්    ඒ.කේ තිලකරත්න කියන්නේ සර්ට

පේනවා නේද.හොරෙන් තැඹිලි කඩලා ඒ මදිවට ගහේ නැගපු කෙනාගේ නමට මගේ නම දීලා.ඔය යටින් තියෙන්නේ ගුරැ මණ්ඩලේ කිහිප දෙනෙකුගේ නමි.දැන් බලනකොට ලොකු හොරා මම.අනිත් හොරු ගුරැ මණ්ඩලේ.මෙ වැඩෙ කරපු එවුන් ටික කවුද කියලා හොයලා බලලා මට කියනවා ඉක්මනට.

        ඒ වගකිම බාරගත්ත අපි හැමෝම පංති වලට ආවා හොරු සෙවීම අපේ එකම අරමුණ බවට පත්කරගෙන.ඒත් තවම එකම එක හොරෙක්වත් අල්ලගන්න අපිට බැරිවුනා.හොරුන්ගේ දක්ෂතාවයද අපේ දුර්වලකමද කියන්නනමි දන්නේ නැ.

***************************************************************************************
ප/ලි

මෙ සිදුවීම ඒ දිනවල ලංකාදිප පුවත්පතෙහි ඇසුවෙමි දුටුවෙමි තීරැවෙ පවා පලවිය.කෙසේ වුවත් මෙය සිදුවූයේ කාහටද යන වගනමි බොහො දෙනෙක් නොදැන සිටියේය.එමෙන්ම මෙ හා සමාන සිදූවීමි තවත් බොහෝ පාසල් තුලද සිදුවී ඇත.

.......මෙහි පලකර ඇති නමි සැබැ නමි නොවන බව සැලකිය යුතුය.....


පුංචි දියනිය,අදයි නුඹෙ උපන් දිනය







මොළොව හැරගිය පුංචි දියනිය,අදයි නුඹෙ උපන්දිනය,
ඒත් නුඹෙ උපන්දිනය සිහිපත්කරලා සතුටු වෙනවා වෙනුවට,
හෙට දින රාත්‍රියට නුඹෙ මරණය සිහිපත් කරලා බන කියාවි,
අනිද්දා දහවල් නුඹ වෙනුවෙන් දානේ දේවි,
ඉන් පස්සේ නුඹ ගැන මතකය ටිකින් ටික නැති වෙලා යාවි,
ඒත් නුඹ වගේ පුංචි කිරිදරැවන්ට සිදුවෙන මෙවන් විපත් සැහැසිකමි,
හැමදාම ටිකින් ටික වැඩි වෙවි,
නුඹ වැනි තවත් පුංචි මල් කැකුලක් ආයෙත් අකාලයේ මිලින වෙලා යාවි.......

මගේ පුංචි දූගේ උපන්දිනය ඊයේ,
ඊයේ ඇයගේ උපන්දිනය එක්ක මට මතක් උනේ පුංචි නුඹෙ උපන්දිනය,
මගේ දූගේ මුහුනෙන් මට නුඹෙ මුහුනත් මැවි මැවි පෙනුනා,
මම නුඹෙ කවුරැවත්ම නෙමෙයි,
ඒත් මගේ දූ දිහා බලනකොට නුඹ මතක්වෙලා,
ඇස් තෙත් වෙන්න,උගුර හිරවෙනවා වගේ දැනෙන්න ගත්තා,
මගේ දූ අහනවා ඇයි අප්පචිචිගේ ඇස්වල කදුලු,
නුඹ මගේ දියනිය නොවුනත්,
නුඹත් මගේ දියනිය වගේම පුංචි දියනියක්  පුතේ,
ලස්සන අනාගතයක් තිබුන පුංචි දියනියක්,
ඒත්.............. 

නුඹෙ පුංචි මූන දිහා බලාගෙන තවත් මොනවත් ලියන්න බැ පුංචි පුතේ,
මගේ අත්දෙක වෙවිලනවා පුංචි පුතේ,
මට මෙතනින් එහාටනමි නුඹ ගැන ලියන්න,
කොහොමටවත් බැ පුංචි පුතේ..

පුංචි රත්තරං දියනියේ නුඹට නිවන් සුව පතන්නෙමි .........!!!

......................................................................................


සමහර වැඩිහිටියන් කුඩා දරැවන් ලිංගික ගොදුරක් බවට පත්කර ගන්නේ ඇයි ?
 
ලිංගික අපයෝජනයට ලක් වන දියණියන්ගේ ඉරණම

 





අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

 

 

          දේවාරෑඩයෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කල හැකිද ? යන මින් පෙර ලිපියෙන් මෙම ලිපිය ලියන්නට අවශ්‍ය කෙරෙන පසුබිම කෙටියෙන් සාකචිඡා කෙරින.ආවෙෂ පිළිබද සමාජයේ පවතින විශ්වාසය හා ඒවැනි උවදුරැ වලකා ගැනීමට ඔවුන් ගන්නා විවිධ ක්‍රියාමාර්ග එම ලිපියෙන් කෙටියෙන් සදහන් කරන්නට යෙදින.මෙම ලිපියෙන් ආරෑඪවීම,ආවෙශවීම,යකා වැසීම යනාදි ලෙසින් ජනවහරේ හදුන්වන ලබන අවස්ථාවන් මනොවිද්‍යාත්මක පදනම අනුව සරලව පැහැදිලි කරදීමට  අප බලාපොරොත්තු වන්නෙමු.මෙ සදහා හේතුවන මානසික ගැටලු අතරින් කීපයක් පිළිබදව පමනක් මෙහිදි අවධානය යොමු කෙරි ඇත.මෙම ලිපිය බොහෝ දීර්ඝ විය හැකි බැවින් කොටස් කිහිපයක් යටතේ මෙම මාතෘකාවට අදාල ලිපි පෙල පලකෙරෙනු ඇත.(මෙය සෑම දෙනෙකුටම කියවා තෙරැමි ගතහැකි ආකාරයෙන් පලකරන්නට අවශ්‍ය වූ බැවින් සරල අර්ථකතන පමනක් ලබා දී ඇති අතර බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද ඒ සදහා පදනමි කරගන්නට යෙදින.)

   

ආරෑඪ වුවන් සමිබන්ධයෙන් මා ලබා ඇති බොහෝ අත්දැකීමි අතරින් අවස්ථා දෙකක් පිළිබදව පෙර ලිපියෙහි සදහන් කර ඇත.තවත් එවැනි එක් අවස්ථාවක් විස්තරාත්මකව මෙසේය

  දහඅට වැනි වියේදි පමන වු එක් තරැණියකට යමි කිසි අසාමාන්‍ය රෝගි තත්ත්වයක් දකින්නට ලැබුනු අතර එම ලක්ෂණ කීපයක් මෙසේය.

  1.  පලමුවෙන්ම තම සිරැර අප්‍රණික වන බවක් දැනෙන බව පැවසීය.
  2.  යමිකිසිවකු තම සිරැරට ඇතුල් වන්නාසේ දැනීම.
  3. කතා කිරිමට නොහැකි වන සේ දිව අගුලු වැටිම.කතා කිරිමට කොතරමි උත්සහ දැරැවද දිව අගුලු වැටි ඇති බැවිනි වදන පිට නොවෙ.
  4. තවත් සුලු මොහොතකින් ඇස් පිය වෙ.පියවි සිහිය සමිපුර්නයෙන්ම වෙනස් වෙ.සිරැර ගැසෙන්නට පටන් ගනි.හිස වෙගයෙන් දෙපැත්තට ගැසෙ.
  5. යමි බසකින් කතා කරනු ලබන අතර එය පැහැදිලි නැත.ගොරොසු රළු කටහඩක් පිට වෙ.
  6. තම මිය ගිය පියා සේ කතා කරනු ලබයි.
  7. පියවි සිහිය පැමිනි පසු කිසිවක් මතක නැති වීම.
 

       මෙවනි අවස්ථාවකදි මෙම ලක්ෂණ පෙන්නුමි කරන්නාගේ ඥාතින් හිතමිතුරන් අසල්වැසියන් සියලු දෙනාම එක් වරම තිරණය කරනුයේ එම තැනැත්තාට පැහැදිලිවම අමනුෂ්‍ය බලපෑමක් ඇති බවය.එසේ ප්‍රකාශ කරනුයේ ඒ පිලිබදව ඇති අවබෝධය නිසා නොව තමන් මෙ සමිබන්ධයෙන් පෙර අසා ඇති කරැනු අනුවය.ප්‍රතිකාර සදහා ගුප්තක්‍රමවෙත සහ දේවාල වෙත යොමු වන්නේද ඥාති මිතුරැ උපදෙස් අනුවය.මෙහිදි ශාන්ති කර්ම කල යුතුවන අතර යන්ත්‍ර පැලදීම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත.ඒ සදහා කීප වතාවක් අදාල දේවාලය සදහා යායුතු වන අතර වැය වන මුදල අතිවිශාල වෙ.මා විසින් දන්නා බොහෝ අය අවම වශයෙන් රැපියල් 30000 – 40000 අතර මුදල් ඒ වෙනුවෙන් වැය කර ඇති අතර දිගින් දිගටම සේවය ලබා ගැනීමෙදි එම මුදල මෙන් පස් හය ගුණයක් වැය කරන්නට සිදු වූ බව පවසා ඇත.


         මෙමගින් කෙටි කාලීන සුවයක් ලැබුවද කලක් ගතවන විට නැවත නැවතත් පෙර කී අවස්ථාවටම ගොදුරැවන විට තව තවත් දේවාල පසුපස යමින් පිළිසරණක් යසොයන්නට තරමි එවැන්නන් මෙන්ම ඔවුන්ගේ ඥාතින් අසරණ වන්නේය.සමහර දෙනෙකු දේවාල විශාල ගණනකට ගොස් ඇතත් ඒ කිසිදු ස්ථායකින්  ආරැඪය සනීප නොවන අතර අමනුෂයා පෙර පරිදිම තමන්ට කරදර කරන බව ඔවුන් පවසනු ලබිය.එවැනි අවස්ථාවකදි දේවාල වලින් ලැබෙන පිලිතුර කිපයකි.අමනුෂ්‍යා සංසාරික වෛරක්කාරයකු බව,වෙෂමුනිගෙන් අවසර ලැබු ඉතා බලගතු අමනුෂ්‍යකු වන බැවින් එක් වරම එලවා දැමිය නොහැකි බව,පැමින ඇති අමනුෂයා පෙර ජීවිතයේ සමිප ඥාතියකු බැවින් එලවිමට අපහසු බව,නිවැසියන් කිල්ලකට අසුව ඇති බැවින් යන්ත්‍ර බල සිදි ගොස් ඇති බව,වැනි පිළිතුරැ ඒ අතර ප්‍රධානය.කෙසේ වුවද ආරෑඩ වන තරැණියන් සුව කරන මුවාවෙන් ඔවුන්ගේ තාරැණ්‍ය බිලිගන්නට මාන බලන දේවාල වල කපුමහතුන්ගේ ප්‍රමාණය දැන් දැන් වැඩි වෙමින් පවතින බව නමි පෙනේ.පුදුමය වන්නේ ඒ බව දැන දැනත් දේව භක්තියෙන් මුලාවට,භිතියට පත්ව සිටින බොහො දෙනෙකු තමන් විසින්ම එවැනි කපුවන්ගේ ගොදුරක් බවට පත්වීමය.සත්‍ය වශයෙන්ම ආරැඪවිම යනු කුමක්ද එහි මනොවිද්‍යාත්මක පදනම කුමක්ද යන්න පිළිබදව දැන් අප විමසා බලමු.මෙය නොයෙක් පැතිකඩ ඔස්සේ විග්‍රහ කල හැකි අතර මෙම ලිපියෙන් එහි එක් පැතිකඩක් ඉදිරිපත් කර ඇත.





      මුලින්ම මෙහිදි යමක් සිහිපත් කල යුතුය.ආරෑඪ වීමෙහි මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබදව මා දැනුවත් වූයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය ඩී.පී.ඩී විජේසිංහ මහතා හා මා හට උපදේශණ මනෝවිද්‍යාව පිළිබදව අධ්‍යාපනය ලබාදුන් අනෙකුත් විශේෂඥ ‍වෛද්‍යවරැන් මගිනි.එබැවින් මෙම ලිපියෙහි එහිදි මා උගත් එම කරැනු ඇතුලත් කර ඇත.

         ප්‍රවෙෂයක් වශයෙන් මුලින්ම අපගේ සිහියේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න පිලිබදව අවධානය යොමු කර බලමු.සිග්මන් ෆ්‍රොයිඩි විසින් සිහියෙහි අවස්ථාවන් තුනක් දක්වා ඇත.එය රෑපසටහනක් ඇසුරින් මෙසේ පැහැදිලි කල හැක.

 

          Conscious නැතහොත් මෙ මොහොතේ පවතින සිහිය අපගේ එදිනෙදා කටයුතු කරගැනීම පිනිස උපකාරවන්නේද කෙසේද යන්න පිලිබදව බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද පදනමි කරගනිමින් විමසා බලමු.සැබැවින්ම අප උදේ අවධි වු මොහොතේ සිට රාත්‍රි නින්දට යනතුරැම සිදු කරනුයේ අරමුණු වලට ප්‍රතික්‍රියා දැක්වීමය.අවධියෙන් සිටින සෑම මොහොතකම දකින ඇසෙන දැනෙන සියල්ලට ඉතා වෙගයෙන් ප්‍රතික්‍රියා දැක්වීමක් සිදු වන්නේ අපටත් නොදැනීමය.නිදසුනක් ලෙස මෙම ලිපිය නෙත ගැටෙන මොහොතේ ඔබගේ අවධානය ඉතා වෙගයෙන් යොමුවන්නේ ලිපියේ අක්ෂර වලටය.ඔබට ලිපිය කියවීමට අවශ්‍ය කරන බැවින් අක්ෂර වලට විශේෂ අවධානයක් යොමු වෙ.ඉන් පසු ඔබ එය කියවනු ලබයි.තවත් විටක ඔබ ඇසෙන යමකට හොදින් ඇහුමිකමි දෙනු ලබයි.රෑප,ශබිද,ගන්ධ,රස,ස්පර්ෂය.මනසට දැනෙන අරමුණු මුල් කරගනිමින් ඒ ඒ මොහොත තුල ඒ ඒ අරමුණට ප්‍රතික්‍රියා දැක්වීමට උපකාර වන්නේ කෙටි කාලීන මතකය සමග සමිබන්ධ වන පියවී සිහියයි.ඉහත Conscious අවස්ථාවෙන් දක්වා ඇත්තේ එයයි.


දැන් අප යොමු වන්නේ සිහියේ දෙවන අවස්ථාව වන Subsonscious අවස්ථාව යනු කුමක්දැයි හදුනා ගන්නටය. දින දෙක තුනකට පෙර සිදු වූ යමි යමි දේවල් සිහියට නැගෙන්නේ මොහොතක් කල්පනා කිරිමෙන් පසුවය.ඔබ සතියකට පෙර ආහාරයට ගත්තේ මොනවාදැයි යන්න සිහියට නගන්න උත්සහ කරන්න.ඒක් වරම සිහියට නොනැගෙන අතර ඒ සදහා මොහොතක් අතිත මතකයට යා යුතු බව ඔබට දැනේ.වඩාත්ම අතිත සිදුවීමි සිහියට නගා ගැනීම පිනිස පෙරටත් වඩා අතීත මතකයට යායුතුය.ඔබ මුලින්ම පාසලට ඇතුලත් වූ දිනය,එහි සිටි ඔබෙ මිතුරන්,ගුරැවරැන්,යනාදිය සිහිකරන්න.එම මතකය සිහියට නගා ගැනිමට පෙරට වඩා උත්සහ කල යුතු බව ඔබට වැටහෙනවා ඇත.නමුත් තවමත් එම සිදුවීමිද ඔබට මතකයට නගා ගැනීම අපහසු නැත.Subsonscious යනුවෙන් සරලවම හැදින්වෙන්නේ සිතෙහි මෙම ක්‍රියාකාරිත්වයයි.උපවිඥාණය ලෙස මෙය පැහැදිලි කර ඇත

Unconscious යන අවස්ථාවෙන් දැක්වෙන්නේ අපගේ යටි හිතේ තැන්පත්ව ඇති මතකයන්ය.බොහො වෙහෙස දරා මතකයට නගා ගැනීමට උත්සහ දැරැවද කිසි සෙත්ම මතකයට නොනැගෙන බොහෝ දේ යටි හිතේ තැන්පත්ව ඇත.එහෙත් යටි සිතේ තැන්පත්ව ඇති ඉතා අමිහිරි කටුක මතකයන් ඔබත් නොදැනිම ඔබෙ ජිවිතයට බලපානු ලබයි.මන්ද යත් එහි දල සටහන් Subsonscious අවස්ථාවෙ සිහියට නැගෙන බැවිනි.

දැන් ආරෑඪවීමත් මෙම කරැනු අතරත් ඇති සමිබන්ධය විමසීමට පෙර පහත රෑප සටහනට අවධානය යොමු කරන්න.මෙහි දැක්වෙන්නේ අපගේ දෛනික ජීවිතය කෙටි කාලීන මතකය සමග අපගේ චර්යාවන් සිදුවන ආකාරයයි.එය ඉතාමත් සරලව මෙසේ දැක්විය හැක.

මෙහිදි කෙටි කාලීන මතකය ප්‍රධානය.කෙටි කාලීන මතකයට යමි විදියක බාධාවක් සිදුවුවහොත් මෙම චක්‍රාවලිය බිදි යයි.අපි සිහියෙන් කටයුතු කරනවා යයි කියන්නේද මෙම චක්‍රාවලියටය.

මෙතෙක් මෙම කරැනු සාකචිඡා කරනු ලැබුව ආරෑඪ වීම හා ඉහත Conscious, Subsonscious, Unconscious වන අවස්ථා අතර සෘජු සමිබන්ධයක් පවතින බැවිනි. අප පෙර යමක් සිහිපත් කරගන්නට තදින් වෑයමි කරන විට බාහිර පරිසරය කෙරෙහි යොමු වන අපගේ අවධානය ක්‍රමයෙන් අඩුව දැඩි කල්පනාවල නිරත වන අවස්ථා ඇත.එහිදි පරිසරයට දක්වන ප්‍රතිචාර අඩු වන බව ඔබ අත්දැක ඇත.දැඩි කල්පනාවක සිටින විටකදි යමි කිසිවකු අප හට කතා කලහොත් එම ශබිදය අපට එක්වරම නොඇසෙන්නේ බාහිර පරිසරයෙහි අරමුණු කෙරෙහි අවධානය යොමුනොවන නිසාය.

     දැන් ඉහත සටහන දෙස හොදින් බලන්න.කෙටි කාලීන මතකයට යමි බාධාවක් පැමිනි විට පියවි සිහිය ගිලිහි ගොස් පරිසරයට යොමු වන  අවධානයද මොහොතකට නවතින බව මෙම සටහනට අනුව වැටහෙනු ඇත.ඒ සමග පරිසරයට දක්වන ප්‍රතිචාරද නැවති ඇත.අප දෛනික ජීවිතයේ සිදු කරනු ලබන සෑම ක්‍රියාවලියක් තුලම දැකිය හැක්කේ බාහිර පරිසරයට ප්‍රතිචාර දැක්වීමකි.


යමි ලෙසකින් කෙටි කාලිනය මතකයට දිගින් දිගටම යමි බාදාවක් පැමිනියහොත් කුමක් සිදුවිය හැකිද ? 
 
       එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමට අපහසු වන තරමට සිහිය වෙනස් විය හැක.අමතක වීම,කතා කරන විට වචන පැටලීම,කිසිවක් නොඇසි යාම,ගොත ගැසීම,පුද්ගලයන් හදුනාගැනීමට අපහසු වීම,ශාරිරික අපහසුතා ඇතිවීම යනාදි බොහෝ ගැටලු මතු විය හැක.

එසේ ගැටලු ඇති වන්නේ ඇයි ?

       කෙටි කාළින මතකය අපගේ සියලු දෛනික චර්යාවන් හා බැදි පවතින බැවිනි.එම මතකයට යමි බාධාවක් සිදුවුවහොත් අපගේ අනෙකුත් චර්යාවන්ටද එය බලපානු ලබයි.යමි පුද්ගලයකුගේ කෙටි කාලින මතකය දිගින් දිගටම නැතිවෙනවනමි ඔහු යමි කිසි රෝගි තත්වයකින් පසුවන බව තීරණය කරන්න වෙනවා.

කෙටි කාලීන මතකය නැති වීමට බලපාන  හේතු හෝ රෝග තියනවද ?

          එක් කරැනක් නෙවෙයි කීපයක්ම තිබෙනවා.විශේෂයෙන්ම මොළයට සිදුවන බලපෑමි.මොළයේ පිළිකා,ස්නායු දෝෂ,අපස්මාරය,උපාගමය අතර රසායනික හුවමාරැව ක්‍රමවත්ව සිදුනොවීම,ආතතිය,භීතිකා ,ක්ලමථය,හිස්ටීරියා වැනි තත්ත්ව විශේෂයි.

ආරැඪවීමත් මෙ අතරත් සමිබන්ධයක් තියනවද ?

        ඉතා පැහැදිලිවම තිබෙනවා.මෙ කරැනු මෙතරමි පැහැදිලි කරන්න හේතු වුනෙත් මෙ නිසාමයි.කුමන හෝ හේතුවක් මත පුද්ගලයකුගේ කෙටි කාලින මතකය නැතිව ගියොත් ඒ පුද්ගලයාගේ දෛනික චර්යාවන් සමිපූර්නයෙන්ම වෙනස් වෙනවා.ඔහුගේ අනන්‍යතාවය එ මොහොත තුල නැති වෙලා යාම සිදුවනවා.එවැනි එක් අවස්ථාවක් තමයි හිස්ටීරියා රෝගි අවස්ථාව.හිස්ටීරියා රෝගියෙකුගේ ලක්ෂණ කීපයක් පහත දැක්වෙනවා.ඒ කරැනු දෙස විමසිලිමත්ව බලන්න.


හිස්ටීරියාවේ පවතින ප්‍රභේද
1. යම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් එක්වර අමතක වීම
2.තමාගේ අනන්‍යතාවෙන් මිදී වෙනත් අනන්‍යතාවක් ආරූඪ වීම
3. යම් යම් සංවේදන එක්වරම නොදැනී යාම
 

මේ පිළිබඳ තවදුරටත් විස්තර කළොත්?

මෙහි පළමු ලක්ෂණය පිළිබඳ කතාබහ කළොත් යම් පුද්ගලයෙකුට හිටි හැටියේ තමා විසින් සිදුකරන ලද යම් කාර්යයක්, තමා මුහුණ දුන් සිදුවීමක් එකවර අමතක වී යාමක් සිදු වෙනවා.මෙය එක් සිදුවීමක් පමණක් නොව සිදුවීම් සමූහයක් අමතක වීමක් ලෙසින්ද සිදුවිය හැකියි. 

දෙවනි අවස්ථාව යටතේ වෙනත් අන්‍යතාවක් ආවේෂ වීම පිළිබඳව හඳුන්වා දිය හැකියි. මෙය සමාජය තුළ බහුලව දැකගත හැකි අතර එවැනි අය අරූඪ කරගත් ආවේෂ ලෙස යක්ෂ, පේ‍්‍රත පමණක් නොව දෙවියන් ලෙසින්ද පෙනී සිටිය හැකියි. නිතරම මෙලෙස නොහැසිරෙන ඔවුන් එක් වේලාවකදී පමණක් විවිධ කටහඬවලට, විවිධ ස්වරූපයක් මවමින් කතා කරනු ලබයි.

තෙවන අවස්ථාවේදී යම් යම් සංවේදනයන් නොමැති වී යාම පිළිබඳ කතා බහ කළ හැකියි. උදාහරණ ලෙස ඇතැම් විට කන් නොඇසී යාම, ඇස් නොපෙනීම, ක්ලාන්ත වීම, වලිප්පුව වැනි තත්ත්වයන් ඇතිවීම, සිරුරේ කොටස් අක්‍රිය හෝ අඩපණ වීම, සිහි කල්පනාව නොමැති වීම ද සිදුවිය හැකියි. ඇතැම් විට මඳ සිහියෙන් ඇවිදීමද මෙහිදී දැකගත හැකියි. 

මෙම රෝගයේ සායනික ලක්ෂණ කීපයක් මෙසේය.
  • අප්‍රාණික බව
  • වෙවිලීම
  • අපස්මාරය වැනි ස්වභාවයක් ඇතිවීම
  • හඩ පිට නොවීම.ගොත ගැසීම
  • ඇස් නොපෙනියාම
  • කන් නොඇසි යාම
  • සංවෙදන නොදැනීම,පරිසරයට ප්‍රතිචාර නොදැක්වීම
  • අමතක වීම,කෙටි කාලීන මතකය ගිලිහි යාම
  • ගල් ගැසීම,නිසොල්මන් වීම,
  •  යමි තැනකට පැමිනි ආකාරය හෝ ගිය ආකාරය සිදු කල ක්‍රියා අමතක වීම
  • ආරෑඪවීම,ආවෙෂවීම  

මෙවනි දෙයක් සිදුවන්නේ කෙසේද ?

1 යමිකිසි පීඩාවක් ඇති වීම
2 එය අවිඤ්ඤාණයේ තැන්පත් වීම
3 සවිඤ්ඤාණයට බලපෑමි කිරිම
4 රෝගයක් ලක්ෂණ ලෙසින් මතුවීම

තවත් විස්තර කරන්න පුලුවන්ද ?
    යමි කිසි ආකාරයක දරාගත නොහැකි පීඩාවට පුද්ගලයකු ගොදුරැ වුවහොත් එය අවිඤ්ඤාණයේ තැන්පත් වෙ.සංරක්ෂණ ප්රයෝග ලෙසින් සිග්මන් ෆ්‍රොයිඩි මෙය විස්තර කොට දක්වා ඇත.එහෙත් අවිඤ්ඤාණගත එම පීඩාව පුද්ගල සවිඤ්ඤාණයට බලපෑමි කරනු ලබයි.එහිදි එම පීඩාවට ගොදුරැවන පුද්ගලයාගේ කෙටි කාලින මතකය සමග පවතින පියවි සිහිය බැහැර වෙ.පියවි සිහිය බැහැර විමත් සමගම ඉහත දක්වා ඇති සායනික ලක්ෂණ ප්‍රකට වන්නට පටන්ගනි.මෙය වඩාත් පහසුවෙන් වටහා ගැනීම උදෙසා එවැනි එක් රෝගියකුගේ සිදු වීමක් විමසා බලමු.


              පහසුව උදෙසා අපි ඇයව නිලු ලෙස හදුන්වමු.නිල් දස හැවිරිදි වියේ පමන පසුවන විට ඇයගේ පියා රෝගාබාධයකින් මිය ගියාය.පියා මිය යාමෙන් පසු නිලුගේ මව විසින් වෙනත් විවාහයක් සිදු කරගත්තාය.ඉන් වසර කිහිපයකට පසු ඇගේ මව විදෙස් ගත විය.නිවසේ වාසය කලේ නිලුත් ඇයගේ බාප්පාත්,වයෝවෘද ආචිචි අමිමාත් පමනි.තම බාප්පාගෙන් නිලුට වරින් වර අතවර වන්නට විය.ඇයට තම ප්‍රශ්නය කියා ගත හැකි කිසිවෙකුත් නොවීය.ඒ පිළීබදව තෙරැමක්ද ඇයට නොවිය.ඇය වැඩිවියට පත්වූයේද තම මව විදෙස්ගතව සිටියදිමය.ඇය සෑම පැත්තකින්ම අසරණ විය.බාප්පාගෙන් සිදුවන කරදරද එන්න එන්නම වැඩි වන්නට විය.

       ඉගනීමට ඉතා දක්ෂ වුවද මෙ වන විට ඇයගේ පාසල් ගමනද ක්‍රමයෙන් අඩාල විය.දිනක් කාන්තා හා ලමා කාර්යාංශය මගින් පාසලේ පැවැත්වු වැඩසටහනකින් පසු ඇය මෙතෙක් නොදැන සිටි බොහො කරැනු පිළිබදව දැනුවත් වූවාය.තම පිරිසිදු බව තම බාප්පා විසින් නැති කර ඇති බව ඇයට වැටහුනේ ඉන් පසුවය.ඇය පාසලෙන් නිවසට ආවෙ දැඩි මානසික පීඩාවකිනි.රාත්‍රියේ නින්ද ඇය අසලටවත් නොපැමිනියාය.ඇස් වලින් කදුලු රෑරා වැටින.තම මවගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තමාට සිදු වූ කිසිවක් මවට පැවසිය නොහැක.තම මව තමාටද වඩා විශ්වාස කරන්නේ බාප්පාය.තමා තනිවි ඇතැයි ඇයට දැනිනි.තමාට දැන් ආරක්ෂා කරගත යුතු කිසිවක් නැත.අනාගතයක්ද නැත.සියල්ල අවිනිශ්චිතය.සිය දිවි හානිකරගන්නටද සිතෙයි.අතීත මතකයන් එකින් එක ඇය ඉදිරියේ දිග හැරෙයි.බාප්පා මුලින්ම ඇයට අතවර කල ආකාරය මතකයට නැගෙන විට ඇය තම හිස තද කරගත්තාය.ඒ අතරින් තම මිය ගියා පියාගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තම පියාගේ දයාබර සෙනෙහස අහිමි වීමත් සමග තමන්ට සියල්ල අහිමි වූ බව දැනෙන සෑම මොහොතකම ඇයගේ හිස වෙදනාවෙන් කකියන්නට විය.

         උදැසන වන විට ඇයට දැඩි හිසේ වෙදනාවක් දැනින.සිරැර අප්‍රණික විය.එක්වරම මිය ගිය පියා ඇයට ආවෙෂ විය.සැබැවින්ම මෙහිදි  සිදුවූයේ ආවෙෂයක් නොව අවිඤ්ඤාණිකව සිදුවු සංරක්ෂණ ප්‍රෙයාගයකි.ඇය යටිගිරියෙන් කෑ ගැසීමත් සමග අවට අසල්වාසින්ද නිවසට රොක් විය.මිය ගියා පියාගේ ආවෙෂයෙන් ඇය තම බාප්පාට තර්ජනය කරයි.ඇය ආරක්ෂා නොකලහොත් ඔහුව මරා දමන බවට ආවෙෂ වූ පියා තර්ජනය කිරිම නිසා ඇයගේ බාප්පා ඇය ආවෙෂ වන සෑම මොහොතකම ඉතා බියපත්ව සිටියාය.ඇයට එතෙක් සිදු වු අතවරයන්ද ඉන් පසු නතර විය.විදෙස්ගතව සිටි මවද ඒ අතරතුර මෙරටට පැමිනියාය.ඉන්පසු නිලුට පෙර මෙන් කරදර සිදු නොවූවත් ඇයගේ පිරිසිදු බව නැතිවීම ඇතුලු එතෙක්  විදි මානසික පීඩාවන් ඇයගේ අවිඤ්ඤානයේ තැන්පත්ව තිබින.ඒ නිසා වරින් වර ඇයට පෙර සදහන් කල හිස්ටීරියා රෝගි ලක්ෂණ මතුවන්නට විය.නොයෙක් ශාන්ති කර්ම සිදු කරමින් දේවාල ගනනාවකට මුදල් වියදමි කලත් ඒ කිසිදු ආකාරයකින් ඇය සුව නොවුවාය.තම මිතුරියක් මාර්ගයෙන් උපදේශනය වෙත යොමු වූ ඇය මෙ වන විට ප්‍රතිකාර ලබමින් පසු වෙ.

 බලි තොවිල් මගින් ලෙඩ සුවපත් කල හැකිද
            තොවිලය යනු එක්තරා අන්දමකින් මනෝ විරේක ක්‍රමයකි.මෙහිදි බෙර ශබිද ගීතීකා යනාදිය මගින් ආතුරයා ස්වයං මෝහනයකට පත්කෙරේ.තොවිලයකදි ආතුරයාගේ යක්ෂයන් පිළිබදව ඇතිබිය නැතිකීරිමට යක්ෂයන්ගෙ ස්වරෑපය සාමාන්‍ය මිනිසුන්ගේ ස්වරෑපයට පත්කර ඇත.යකුන් සිනාසෙයි,විහිලු කරනු ලබයි.තොවිලයකදි පවුලේ ඤාතින් එක්වෙ.ආතුරයාට සැමගේ අවධානය යොමු වෙ.ඔහු ඇය එහිදි විශේෂ පුද්ගලයකු බවට පත් වෙ.ආතුරයාට මෙයම මහත් අස්වැසිල්ලකි.මානසික ආතතිය අඩුවන්නට පටන් ගනි.එමෙන්ම මෙයින් පසු තමන් සනිප වන බව සිතන ධනාත්මක සිතිවිල්ලක් යටි සිතට ආරෝපණය වෙ.ඉන් පසු එම සිතිවිල්ල සංරක්ෂණ ප්‍රෙයා්ගයක් ලෙසින් ක්‍රියා කරයි.එමගින් ආතුරයා ප්‍රකෘති චර්යාවන් කරා යොමු විමක් සිදු වෙ.තොවිලයකදි බෙර හඩට අනුව නැටීමෙදි ශරිරයේ රිද්මය හා මනසට දැනෙන බෙර හඩෙහි රිද්මය ආතතිය බොහෝ සෙයින් අඩු කරනු ලබයි.හේවිසි,දවුල,තමිමැටිම,වැන්නේන් නැගෙන ශබිද  මනසට සුවයක් ඇති කරන ආකාරය ඔබද අත්දැක ඇතිවාට සැක නැත.දහඅට සන්නිය වැනි අපරෙටෙහි පැවැති සාමිප්‍රදායික කෙමි කොතරමි අපගේ සිත් ගන්නවාද.සැබැවින්ම පෞරාණික බොහෝ ශාන්ති කර්ම මගින් කර ඇත්තේ මානසික විරේකයන්ය.සෙත් පිරිත් ශ්‍රවණය මනසට ගෙන දෙන සුවයෙන්ම එය ප්‍රත්‍යක්ෂය.නූතන මනෝවිද්‍යාව තුල පවා එවැනි මානසික විරේකයන් ඇති කරනු ලබයි.හිස්ටීරියා වැනි මානසික රෝග සදහා එම ක්‍රමවෙද බොහෝ සාර්ථක වි ඇත.එවැනි ක්‍රම මගින් තමන් සුරක්ෂිත වන බවට දි ඇති සහතිකය යටි සිතෙහි තැන්පත් විම මගින් තමාට දැනෙන ආරක්ෂිත හැගීමි වර්ධනය වන්නට පටන් ගනි.
           ආදි සිංහලයා සතුව ප්‍රත්‍යක්ෂ මනෝ ශාන්තිකර්මක්‍රම පැවැති අතර එය සිදු කරන නිවරදි ක්‍රමවෙදය පිලිබදවද ඔවුන්ට මනා අවබෝධයක් තිබුනි.එමෙන්ම එම විෂය කෙරෙහි හසල දැනුමක් ඔවුන්ට විය.නමුත් වර්ථමානයේ ශාන්තිකර්ම නමින් සිදුකරනුයේ මුලා කීරිමි පමනක්ය.එක් කපුමහතකු තරැණියකට කලු කුමාර දිෂ්ඨිය ඇතැයි පවසා එය සුව කිරිමට යෝනිය මත තෙල් ගල්වා දෙහි කැපිය යුතු පැවසු බව එම තරැණිය මා සමග පැවසීය.තවත් කපුවකු ආවෙෂ වන තරැණියට පවසා සිටියේ ඇයගේ පියයුරැ මිරිකා ගන්නා කිරි ආවෙෂ වන අමනුෂ්‍යයාට දිය යුතු බවය.තවත් සමහරකු තරැණියන් දූෂණය කරයි.තමන් දූෂණය වූ බව වටහගන්නටවත් එම තරැණියන්ට සිහිය නොමැත.ඔවුන් සිතන්නේ ශාන්තිකර්මයක් සිදුකල බවය.කටිටකුමංජල් දුම සමග සිහිනැති වන ආකාරයට යමි යමි දේ මිශ්‍ර කර දුමි ඇල්ලීමෙන් පැමිනෙන තරැණියන්ගේ සිහි නැති කරන කපුවන්ද දක්නට ලැබෙ.ඉන් පසු සිදුවන දේ දන්නේ කපුමහතා පමනකි.
          අද ලිපියෙන් දිර්ඝ වශයෙන්   බොහො කරැනු ඉදිරිපත් කර ඇතත් මෙ පිළිබදව සදහන් කල යුතු තවත් බොහො කරැනු ඇත.එමෙන්ම ආවෙෂ විමෙ අවස්ථාවන් වලදි සැබැවටම සිදු වන්නේ කුමක්දැයි යන්න පිළිබදවද තව සාකචිඡා කල යුතු කරැනු ඇත.එමෙන්ම ආවෙෂ වුවන් සමිබන්ධයෙන් බොහො දෙනෙකු නිරන්තරයෙන්ම නගන ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඇත.ඒවා නමි
ආවෙෂ වූවකු වෙනත් කඩහඩකින් කතා කරනුයේ කෙසේද?
ආවෙෂ වූවකු වෙනත් බසකින් කතා කරනුයේකෙසේද ?
   ඉදිරි ලිපිවලින් මෙ පිළිබදවද කරැනු පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙමි.එමෙන්ම අමනුෂ්‍යයන් පිළිබදව බුදු සමයේ හා අන්‍යාගමික ඉගැන්වීමි වල දැක්වෙන ආකල්පය පිළිබදවද අප ඉදිරි ලිපි වලින් සාකචිඡා කරමු.ඉදිරි ලිපි පෙල පල කිරිම සදහා ඔබ සැමගේ අදහස් හා යෝජනාද සදහන් කර තැබිම ප්‍රයජනවත් වන බවද සදහන් කරමි.නැවත ලිපියකින් හමුවෙන තෙක් ඔබෙන් සමුගනිමි.
                                                                    
                                 
  ඔබ වෙනුවෙන් ලියන මම සුරංග බංඩාර (මනෝ)
*************************************
මී ලග ලිපිය
තරැණියකගේ රහස් අවයස සූරා දැමු කලු කුමාර දිෂ්ඨිය

දේවාරූඪයෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කල හැකිද ?



           අප මින් පෙර පලකල ලිපි කීපයකින්ම ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු පිළිබදව සාකච්ඡා කලෙමු.මෙවර අප සාකචිඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මදක් වෙනස් මාතෘකාවක් ඔස්සේය.එනමි අමනුෂ්‍ය දෝෂ,අමනුෂ්‍ය ආරෑඪ පිළිබදව සමාජයේ පිළිගත් මතිමතාන්තර වල යමි සත්‍යතාවයක් තිබෙද යන්න පිළිබදවය.පහත දැක්වෙන්නේ අමනුෂ්‍ය දෝෂ ඇතැයි සිතු බොහෝ දෙනෙක් ඒවා ඉවත් කරගැනීමට දේවාල පසු පස ගොස් සිදුවූ නොයෙක් ඛෙදවාචක පිළිබදව දිනපතා පුවත්පත් කිපයක පලවු වාර්ථාවන්ය.











         ඉහත උපුටා දක්වා ඇත්තේ වාර්තා කීපයක් පමනකි.දිනපතා මෙවැනි දෑ පිළිබදව මාධ්‍ය මගින් වාර්ථා කලද මෙවැනි මිත්‍යාවන් පසුපස හැල්මෙ දිව යන පිරිසේ නමි කිසිදු අඩුවක් නැත.තමාට යමි අමනුෂ්‍යයකුගේ බලපෑමක් හෝ දේව බැල්මක් ඇතැයි සදහන් කල පුද්ගලයන් කිහිප දෙනෙකුම මා හට හදුනා ගන්නට ලැබින.ඉන් දෙදෙනෙකු පිළිබදව තොරතුරැ මෙසේය.

           දැනට මාස කීපයකට පෙර මා හට හදුනාගන්නට ලැබුන විසි වැනි වියෙහි පසු වූ  එක් තරැණියකට ඇයගේ මිය ගිය ආචිචි අමිමා ආරැඪ වෙයි.ඇයට ආචිචි අමිමාගේ බැල්ම වැටි ඇති බවත් එය ඉවත් නොකලහොත්  ඇයගේ ජීවිතයට අවදානමක් ඇති වන බවත් පවසා ඇත්තේ කතරගම දේවාලයක කපු මහතෙකි.දෝෂය ඉතා ඉක්මනින් ඉවත් කල යුතු අතර ඒ සදහා අය කෙරෙන මුදල රැපියල් 35000 කි.

 ආචිචි අමිමාගේ ආත්මය ආවෙෂ වූ පසු ඉහත කී තරැණියගේ හැසිරීම නිරික්ෂණය කිරිමෙදි මෙවනි ලක්ෂණ දක්නට ලැබින.

1)      සිරැර අප්‍රණික වීම (දෙපා පන නැතිවීම.අත් පන නැතිවීම.)

2)      කතා කිරිමෙ වෙනස්කමි ඇති වීම.කතා කිරිමට බැරිවීම

3)      ඇස් පියවී යාම.තදින් වැසී යාම

4)      සිරැර ගැසෙන්නට පටන් ගැනීම

5)      නොතේරෙන බසකින් කතා කිරිම

6)      පියවි සිහිය ආ පසු කිසිවක් මතක නැතී වීම

 

         අනිත් තරැණිය මාගේ ඥාති සහෝදරියකි.ඇයට මිය ගිය ඥාතියකුගේ බැල්ම වැටි ඇති බවත් එම ඥාතියා ඉතා බලගතු බැවින් රාත්‍රි 12 පසු වෙත්ම සොහොනක තොවිලයක් කර ඔහු පලවා හැරිය යුතු බවත් කපුවකු පවසා තිබින.අය කෙරෙන මුදල හතලිස් දහක් හෝ එයට වැඩි විය හැක.

ඇයට තිබු ලක්ෂණ පෙරට වඩා වෙනස්ය.එම ලක්ෂණ කීපයක් මෙසේය.

  • සිහි කල්පනාව අඩු බව
  • කතා බහා කිරිම ඉතා අඩුය 
  • අත් හා දෙපාවල නිතර පවතින අප්‍රාණික බව
  • අමතක වීම
  • ගල් ගැසුනා සේ සිටීම
  • ආරෑඪ වූ පසු පියා සහ සහෝදරයා කෙරෙහි තරහින් කටයුතු කිරිම
  • තවද මෙයටඅමතරව පවතින ලක්ෂණ කිහිපයක්ද වෙ.

      අමනුෂ්‍ය දෝෂ ඇතැයි සිතු බොහෝ දෙනෙකුට ඔවුනට ඇත්තේ අමනුෂය දෝෂයකැයි මුලින්ම පවසා ඇත්තේ පවුලේ ඥාතින් හා සමීප මිතුරන්ය.දේවාල කරා ගොස් ඇත්තේ ඉන් පසුවය.එම දේවාල වල කටයුතු කරනු ලබන දේව ගැතිවරැන් විසින්ද පවසා ඇත්තේ ස්ථිර වශයෙන්ම අමනුෂ්‍ය දෝෂයක් හෝ මියගිය ඥාතියකුගේ බැල්මක් වැටි ඇති බවය.මෙම දෝෂ ඉවත් කිරිම සදහා සමහර දෙනෙකු විශාල මුදලක් වැය කිරිමට සිදුව ඇති අතර මා හට හමු වූ එක් පවුලක් ඒ වනවිටත් දේවාල ගණනාවකට දෙලක්ෂයද ඉක්මවු මුදලක් වැය කර තිබින.

            කෙසේ වුවද අමනුෂ්‍ය දෝෂ ඇතැයි මා හට පැවසු කිසිවකුට කිසිදු ආකාරයක එවැනි දෝෂයක් නොවීය.එහෙත් ඔවුන් දැඩිව විශ්වාස කරනුයේ තමනට යමි අමනුෂය දෝෂයක් ඇති බවමය.අමනුෂ්‍ය දෝෂ ලෙස අපට දක්නට ලැබෙන යමි යමි රෝගි තත්වයන් මනෝවෛද්‍ය විද්‍යාත්මකව විග්‍රහ කිරිම අරමුණු කරගෙන ලිපි පෙලක් මෙම අඩවිය තුලින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වූයේද මෙම බොහෝ කරැනු පාදක කරගනිමින්ය.නැවත ඉදිරි ලිපියකින් හමුවනතෙක් ඔබගෙන් සමුගනිමි.
         

ලිංගිකත්වය පිළිබඳ බුදු සමයේ ආකල්පය (දෙවන ලිපිය)


            මෙයට පෙර ලිංගිකත්වය පිළිබද බුදු සමයේ ආකල්පය යනුවෙන් පෙර ලිපියකින් ඉදරිපත්කල කරැනුද සමිබන්ධ කරගනිමින් තව දුරටත් මෙම මාතෘකාව හා සමිබන්ධයෙන් බුදු සමයේ කරැනු විමසා බැලීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේමු.ලිංගිකත්වය හා විවාහ දිවිය සමිබන්දයෙන් බුදුසමය දක්වා ඇති ආකල්පය කුමක්දැයි යන්න පිළිබදව මෙහිදි වැඩිපුර අවධානයක් යොමු කෙරි ඇත.
              සංයුක්ත නිකායෙහි මාතාපුත්ත සූත්‍රයේදැක්වෙන කරැනු මෙහිදි විමසා බැලීම වැදගත් වෙ.විරුද්ධ ලිංගිකයන් අතර ගොඩනැගෙන විශ්වාසය සහ අන්‍යෝන්‍ය බැඳීම කායික සබඳතාවක් දක්වා වර්ධනය වනවා පමණක් නො ව, එකිනෙකා දැකීමත් තෘප්තියට හේතුවක් බන බවත් තම සිත බැඳුණු කෙනාගේ සෑම ඉරියවුවක් ම සිත් ගන්නා බවත් එම සුත්‍රයේදී ම පැහැදිලි කැරේ. සිටීම, හිඳීම, සයනය කිරීම, සිනාව, ගායනය, හැඬීම ද අවම වශයෙන් මිය යන අවස්ථාව දැකීම ද දෙදෙනා අතර බන්ධනය තීව්‍ර කරන බව පැහැදිලි කරයි. මෙම සියලු චර්යා සාමාන්‍ය මිනිස් චරිතයක ප්‍රකෘති ලක්‍ෂණ වුවත් ඒවා සාධාරණීකරණය කළ හැකි වුව ද, මනුෂත්වය සමග නොගැළැපෙන බැවින් අනවශ්‍ය ආකාරයේ බන්ධන වෙනස් කරගැනීමට බුදුසමය උපදෙස් දෙයි. සිගාලෝවාද සූත්‍රයේදී ස්වාමි - භාර්යා දෙදෙනා ම ‘අනති චරියා’ හෙවත් ‘එකිනෙකා’ නොඉක්මවීමට වගබලාගත යුතු බව පෙන්වා දෙයි. ලිංගිකත්වය සහ ඒ හා සබැඳි තෘප්තිය විවාහ දිවියට සීමා කළ යුතු ය. එසේ නොවුණ හොත් අනෝන්‍ය විශ්වාසය තහවුරු නො වේ. විවාහයට මෙවැනි සාරධර්මවල ඇති ආදේශකත්වය එමගින් පැහැදිලි වෙයි.
                 විවාහක යුවලක් සම ශ්‍රද්ධා,සම සීල,සම චාග,සමප්‍රඥා  වෙන් යුක්ත විය යුතු බව බුදු සමය අවධාරණය කරයි. මෙහිදි සම යන පූර්ව පදය මෙ සැම පදයක් හා යෙදි ඇත.ඉන් කුමක් අදහස් කරන්නේද.ආධිපත්‍ය බැහැර කෙරැන සමානාත්මතාවයක් ඉන් ප්‍රකට කෙරෙන බව දක්නට ලැබෙ.පලමුවෙන්ම පෙන්වා දි ඇත්තේ සම ශ්‍රද්ධා යන්නය.බොහෝ තැන් වලදි තෙරැවන් පිළිබදව ඇති පැහැදීම ලෙස මෙය විග්‍රහ කර ඇතත් විවාහක යුවලක් තුල පැවතිය යුතු සම ශ්‍රද්ධාව යන්නෙහි අර්ථය එම යුවල හා සමබන්ධ කරැනුද මුල් කරගනිමින්ම විවරණය කර ගත යුතුය.ශ්‍රද්ධා,සීල,චාග,ප්‍රඥා යන මෙම පද හතරෙහිම අර්ථය විවාහක යුවලක් හා මුල් කරගනිමින් මෙසේ විවරණය කර ගැනීමට හැකිය.

  1. අන්නෝන්‍ය අවබෝධය මත ඇති වන විශ්වාසනීයත්වය
  2. අසමිමත චර්යාවන් කෙරෙහි නැඹුරැ නොවීම
  3. කායික මානසික අවශ්‍යතා හදුනා ගනිමින් ඔවුනොවුන් එකිනෙකා කෙරෙහි කරනු ලබන කැපකිරීම
  4. පුලුල් මනා අවබෝධයක් තිබිම

   බුදු සමය තුල ශ්‍රද්ධාව යන්නෙන් අර්ථ දැක්වෙන්නේ දැනුම,භක්තිය,අන්ධානුකරණය,අන්ධ විශ්වාසය ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂ පැහැදිලි අවබෝධය යන්නය.එසේ නමි විවාහක යුවලක් සදහා එය ආදේශ වන්නේ කෙසේද.එනමි දෙදෙනා අතර එකිනෙකා පිළිබද ඔවුන්නොවුන් හදුනාගනිමින් ඇතිවිය යුතු පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව ඉන් අදහස් කෙරි ඇත.දෙදෙනාගේ කායික මානසික හැගීමි දැනීමි අවශයතා හදුනා ගනිමින් කටයුතු කරන්නට ඉන් උපදෙස් ලැබි ඇත.එකිනෙකා තම අවශ්‍යතා සමිපූර්ණ කරගැනීමට වෙනතකට යොමු නොවිය යුතුය.එය සම සීල යනුවෙන් දක්වා ඇත.සීලය යනු සිල් රැකීම ලෙස අර්ථ දක්වනවාට වඩා පුද්ගල චර්යාව සකස් කරගැනීමට බුදු සමයේ දැක්වෙන  උපදෙස් ලෙස තෙරැමි ගැනීම වඩාත් සුදුසුය.සම චාග යන්නෙන් එකිනෙකා කල යුතු කැපකිරීම පිළිබදව දක්වා ඇත.කායික මානසික අවශතා හදුනා ගනිමින් තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්නට නමි දෙදෙනාම එකිනෙකා උදෙසා කැපකිරීමි කල යුතුය.සම ප්‍රඥා යන්නෙන් අවබෝධයෙන් කටයුතු කිරිමට අවශය බව පෙන්වා දි ඇත.අවබෝධය කෙසේ විය යුතුද.විවාහක යුවලක් වශයෙන් බොහෝ කරැනු පිළිබදව ඔවුන්ට අවබෝධයක් තිබියු යුතුමය.වෙනකක් තබා දෙදෙනා තම ලිංගික අවශතා පවා අවබෝධයෙන් හදුනා ගනිමින් කටයුතු කල යුතුය.එවැනි අවශ්‍යතා වෙනුවෙන් දෙදෙනා කරනු ලබන කැප කිරිම නැවත චාග යන්නෙන් දක්වා ඇත.ඉතා කෙටියෙන් සරලව මෙම කරැනු හතරෙහි විවරණ මෙසේ දක්වා ඇතත් දිර්ඝ වශයෙන් කරැනු ගෙනහැර දැක්විය හැකි තරමි ශ්‍රද්ධා,සීල.චාග,ප්‍රඥා යන කරැනු පුලුල් පරාසයක් මුල් කරගනිමින් දේශනා කර ඇත.

         විවාහ ජීවිතයේ ලිංගික සම්බන්ධතාවන්ගේ සීමා නිර්ණයකට වඩා ප්‍රතිසංස්කරණාත්මක උපදේශනයක් බුදුසමය ලබාදෙයි. විවාහය සංස්ථාවක් ලෙස පැවැත්වීමට නම් එහි සාමාජිකයන් යම් යම් එකඟතාවන්ට පැමිණිය යුතු ය. එම එකඟතා පිතෘ මූලික විය යුතු බව ඉන් ප්‍රකට නො වෙයි. මනුෂ්‍යත්වය අගය කරන ආකාරයේ එකඟතා සම්මත ලෙස බුදුසමයත් අගයයි. සුත්ත නිපාතයේ ‘බ්‍රාහ්මණ ධම්මික’ සූත්‍රයේදී විවාහයේ පුරුෂාර්ථ ලෙස පෙන්වා දෙන්නේ තම බිරිය නොඉක්මවීම, අඹුවන් මිලට නොගැනීම, සහ අඹුවන් නොවිකිණීම යන සාධක පදනම් කොට ගනිමිනි.අන්‍යෝන්‍ය ප්‍රේමය සහ සහයෝගීත්වය සකස් කරගැනීමට අවශ්‍ය පදනමක් මත විවාහය පිහිටුවීමට එහි කොටස්කරුවන් සමත් විය යුතු බව මෙමගින් අදහස් වේ.ස්ත්‍රිය යනු පුරැෂයා පිනවන ලිංගික භාණ්ඩයක් නොවන අතර ඔහුගේ වහලියකද නොවන බව බුදුසමය අවධාරණය කරයි.දෙදෙනාටම එකිනෙකා හා සමිබන්ධ වගකීමි ඇති අතර ඒවා සමිබන්ධයෙන් ඔවුන්ට මනා අවබෝධයක් තිබිය යුතු බව උක්ත කරැනු මගින් පෙර පැහැදිලි කර ඇත.

             බුදුසමය භෞතිකවාදි දර්ශනයක් නො වේ. මිනිස් චර්යාව හා බැඳි ආචාර ධර්ම පද්ධතියක් නිර්වාණය කේන්ද්‍ර කොට එමගින් ඉදිරිපත් වෙයි. ලිංගිකත්වය සදාචාර විරෝධී සේ අර්ථවත් නොකැරෙන අතර ම, එම අංශය පිළිබඳ මධ්‍යස්ථ වීම ජීවිතයේ සංතෘප්තියට, සහනශීලී භාවයට ඉවහල් වන බව පැහැදිලි වෙයි. ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ මනුෂ්‍යත්වය හෝ මනුෂ්‍ය සමාජයට නිගා නොවන පරිදි ලිංගික හැසිරීම් සකස් කරගැනීම යහපත් බව යි. බුදුසමයේ දැක්වෙන ආචාර්යධර්ම රැකීමට මිනිසුන් තම ජීවිතය කැප කළ යුතු බව බුදුසමයේ අපේක්ෂාව නො වේ. මිනිසුන්ගේ ජීවිත වඩාත් පහසු සහ සහනශීලී කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් භාවිත කිරීමට මඟ පෙන්වීමක් පමණක් බුදුසමය සිදු කරයි. දෙවියකු වැනි පාරභෞතික සංකල්පයකට බෞද්ධ සදාචාරයේ පදනම සම්බන්ධ නැති බැවින් එහිදී සමාජයේ ප්‍රගතිය විෂයයෙහි අදාළ වන ආකාරයේ සමාජ සබඳතා නිරන්තරයෙන් ම සකස් විය යුතු බව අවධාරණය වෙයි. 

(මෙ හා සමිබන්ධ තවත් ලිපියක් ඉදිරියේදි පල කෙරේ)

ලිංගිකත්වය පිළිබඳ බුදු සමයේ ආකල්පය (පලමු වන ලිපිය)



ස්ත්‍රි පුරැෂ භාවය,ලිංගිකත්වය,ලිංගික චර්යාවන් හා ඒ හා සමිබන්ධ මනෝ භාවයන්,විවාහය,වැනි සංකල්ප පිළිබදව බුදු සමයේ හෙලා ඇති දෘෂ්ඨිය ඉතා ගැඹුරැ වූවකි.නූතන මනෝවිද්‍යාව තුල පවා අවධානයට යොමු නොවු තරමි පුලුල් පරාසයක් දක්වා බුදු සමය මෙම කරැණු පිළිබදව අවධානය යොමු කර ඇති බවක් පිටක සාහිත්‍ය අධ්‍යයනයේදි මැනවින් පෙනි යයි.

               ස්ත්‍රිත්වය හා පුරැෂත්වය පිළිබද බෞද්ධ ආකල්පය පරික්ෂා කිරිමෙදි දීඝ නිකායෙහි අග්ගඤ්ඤ සූත්රයෙන් ඉදිරිපත් කෙරි ඇති මානව සමාජ විකාශය පිළිබද විමසීය යුතුමය.එහි දැක්වෙන ආකාරයට සත්ත්වයා පෘතුවි වාසයට පැමිනි පැමින මුල් අවදියේදි ස්ත්‍රි පුරැෂ භාවය ප්‍රකට නොවු අතර එය ප්‍රකට වන්නේ කලක් ගතවීමෙන් පසුවය.සියුමි ශරිරය ක්‍රමයෙන් ගොරෝසු බවට පත්වීමත් සමග ස්ත්‍රි පුරැෂ ලක්ෂණ වෙන් වෙන්ව ප්‍රකට වන්නට විය.මෙලෙස ස්ත්‍රි පුරැෂ භාවය ප්‍රකට වීමත් සමග ඔවුනොවුන් එකිනෙකා දෙස බොහෝ වෙලා බලා සීටිමට ආසා කීරිමත් එසේ බලා සිටිනමත් සමග කාමරාගය මතුවි සංසර්ගයේ යෙදීමත් සිදු වූ බව එම සූත්රයෙහි දක්වා ඇත.සංසර්ගය ප්‍රධාන වීමෙන් ගෘහ ජීවිතය ආරමිභ විම,විවාහය වැනි සමාජසංස්ථා ගොඩනැගුන ආකාරය ඉන් අනතුරැව විස්තර කෙරි ඇත.කල් යත්ම සමාජය ක්‍රමයෙන් වඩා සංකිර්ණ වීම.සමාජ අර්බුධ කලකෝලාහල ඇතීවීම,රාජ්‍යත්වය,ආගමික සංස්ථාව ගොඩනැගීම යනාදිය සිදුවූ ආකාරයද අග්ගඤ්ඤ සූත්රයේ විස්තරාත්මකව දක්වා ඇත.මෙහිදි ඉතාම වැදගත් කාරණය වන්නේ මුලදි ලිංග භේදය ප්‍රකට නොවු අතර ලිංගික චර්යා නොවීමත් ලිංග භේදය ප්‍රකට වීමත් සමග ලිංගික චර්යාවන් ඇති වූ බව දක්වා තිබිමත්ය.ලිංග භේදය ලිංගික චර්යාවන් සදහා හේතුවන සමීපතම සාධකය බව මෙයින් ප්‍රකට කෙරෙයි.ස්ත්‍රියත් පුරැෂයාත් ඔවුනොවුන්ගේ රෑපයට,ශබිදයට,ගන්ධයට,ස්පර්ශයට ආසා කරන බව සංයුක්ත නිකායෙහි තවදුරටත් දක්වා ඇත.උක්ත කරැනු වැදගත් වන්නේ ලෝකොත්තර දර්ශණයක් වන බුදු සමය ලෞකිකත්වය හා බැදි ලිංගිකත්වය පිළිබදව දක්වා ඇති ආකල්පය කුමක්දැයි යන්න විමසීම සදහාය.අන්‍යාගමිකයන් පමනක් නොව බෞද්ධයන්ම වන බොහෝ දෙනෙකුද බුදුන් වහන්සේ ලිංගික චර්යාවන් ප්‍රතික්ෂේප කර ඇතැයිද බුදු දහමට අනුව ජීවත් විය නොහැකි යයිද පවසනුයේ මෙම කරැනු පිළිබද කිසිදු අධ්‍යයනයක් නොකරය.

             සැබැවින්ම බුදු සමය යනු ලොකොත්තර දර්ශණයක් ලොවට පෙන්වා දෙන්නකි.එම ලොකොත්තර මාර්ගයට පිවිසෙනුයෙත් එහි උත්තරීතර ඵලයට පැමිනෙන්නේත් ලෞකික ජීවිතයක් ගෙවමින් සිටි ශ්‍රවකයාමය.එබැවින් බුදු සමය ලෞකික හා ලොකොත්තර යන අංශයන් දෙක පිළිබදවම අවධානය යොමු කර ඇත.කුමන ආකාරයකින් හෝ පවත්වන ස්ත්‍රි පුරැෂ ලිංගික සමිබන්ධතා ලොකොත්තර මගට බාධාවකි.එහෙත් ගෘහස්ත ලෞකික ජීවිතය ගත කරනු ලබන ශ්‍රවකයකු සමාජ සමිමත සාරධර්ම බිද නොදමා දැහැමි සීමාවක සිටිමින් ලිංගික චර්යාවන් වල නියලීමට අවකාශය ඇත.ලිංගික සම්බන්ධතා අහම්බයක් හෝ සමාජයක අනවශ්‍ය දෙයක් බව බුදුසමය නොපිළිගනී.කෙසේ වුවද මෙම මතෘකාව මුල් කරගනිමින් ලිවිය හැකි කරැණු බොහෝය.කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය රලුවෙ පද්මසිරි හිමියන්ගේ දේශණයක මෙම කරැණු ඉතා පුලුල් පරාසයකට අනුව පැහැදිලි කෙරින.එම දේශණයේ ඇතුලත් වූ කරැනු වල සංස්කරණය කරන ලද සාරංශ කරැනුද මෙම ලිපියට එක් කර ඇත.

              සූත්‍ර පිටකයෙහි හා විනය පිටකයෙහි මෙන්ම ජාතක කතාවන් තුලද ලිංගිකත්වය හා සමිබන්ධ මනෝභවයන් ගොඩනැගෙන ආකාරය ඉතා පැහැදිලිව දක්වා ඇත.මෙහිදි නැවතත් පෙර සදහන් කල අග්ගඤ්ඤ සූත්‍රයට අවධානය යොමු කරමු.ලිංගිකත්වයේ සීමා, නිර්ණායක හා පැනවීම් ඒ ඒ කාල-අවකාශ සීමා තුළ වෙනස් වේ නම් එය සමාජයීය පරිහානියක් ලෙසින් ම හඳුනාගත යුතු නැත. බුදුසමය එවැනි නව ප්‍රවණතා එකහෙළා ප්‍රතික්‍ෂේප නොකරන බව ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් විෂයයෙහි අවධානය යොමු කිරීමෙන් වටහාගත හැකි ය. එහෙත් මිනිසුන් ‘ශිෂ්ට’ (Civilzed) ‘සංස්කෘතික’ (Culturized) වීමත් සමඟ ලජ්ජාව හා භය සමාජයීය සාරධර්ම බවට පත් වෙයි. එවිට ලිංගික කාර්යය එයට සම්බන්ධ වන පුද්ගලයන් පමණක් දත යුතු යැ යි සමාජය උපකල්පනය කරයි. අප පෙර සඳහන් කළ අග්ගඤ්ඤ සූත්‍රයේදී ලිංගික චර්යාව ‘අසද්ධම්ම’ හෙවත් ‘ධර්මය නොවන’ ලෙස දක්වන්නේ එතෙක් පැවති සම්මතය තුළ එම ක්‍රියාවට හිමි වූ තැන පැහැදිලි කිරීමට යි.
“කථංහි නාම සත්තෝ සත්තස්ස ඒවරූපං කරිස්සති...”යනුවෙන් පවසමින් එම ක්‍රියාවට සම්බන්ධ නොවූ පිරිස එම ලිංගික චර්යාවේ කොටස්කරුවන්ට ගරහන්නට, පහර දීමට, හිරිහැර කිරිමට ආරම්භ කරයි. ඇතැම් විට ඊර්ෂ්‍යා පරවශ සිතිවිලි හෝ සමාජ සම්මතයට ගරු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව අනෙක් පිරිස මෙම හැසිරීමට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා ද විය හැකි ය.

          එහෙත් සමාජ සම්මත වෙනස් වීම්, අගයන් වෙනස් වීම් තුළ විවිධ ප්‍රතිජානාත්මක හෙවත් යහපත් ඇගැයුම් බිහි වේ නම් බුදුසමය ඒවා පිළිගනී. අධම්ම ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ හෙවත් යහපත් දේ බවට තවත් කලකදී පත් විය හැකි ය. එය පුද්ගල පැවැත්මට හානිකර නො වේ. නම් යහපත් සේ පිළිගත යුතු වේ.චක්කවත්ති සීහනාද සූත්‍රය සදාචාර ඇගැයුම් පරිවර්තනය වීමේ සීමා ඉක්මවා යන ආකාරයත් එවිට සමාජය නැවතත් තිරශ්චීන අවධියකට ප්‍රවිෂ්ට වන ආකාරයත් විග්‍රහ කරයි. සදාචාරය පිරිහීමෙන් පසු මව, පියා, නැන්දා, මාමා, පුතා ආදි සංඥා ඉවත් වී, ලිංගිකත්වයට ප්‍රධාන තැන දෙන යුගය බිහි වන සමයක් ගැන කරුණු ඉදිරිපත් කරන බුදුරදුන් ඒවා සාධනීය ලක්‍ෂණ සේ හඳුනා නොගනී. ලිංගික ඇගැයුම් මිනිස් අවශ්‍යතා අනුව පරිණාමය විය යුතු බව සැබෑ ය. එහෙත් මාතෘත්වය, පිතෘත්වය වැනි උදාර ඇගැයුම් කාමයෙන්, රාගයෙන් වැසී යයි නම් බුදුරදුන් එය හඳුනාගන්නේ පිරිහීම් කාරකයක් ලෙසින් බව එම සූත්‍රයෙන් අනාවරණය වෙයි:

“දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු න භවිස්සති මාතාති වා මාතුච්ඡාතිවා මාතුලානිතිවා ආචරිය භරියාතිවා ගරූනං දාරූතිවා සම්භේදං ලෝකෝ ගමිස්සති යථා අජේලකා කුක්කුට සුකර සෝන සිගාලා...”

         පශ්චාත්නූතන චින්තනය ද තිරශ්චීන ලිංගික සබඳතා අනුමත කිරීමක් සිදු නො කරයි. බුදුසමය එම චින්තනයට වඩා ඉදිරි වැඩ පිළිවෙළක් සදාචාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි. මිනිසාගේ ජීවිතය ‘සාදාචාර’ රාමුවකට යටපත් කිරීමේ සිරගත කිරීමේ අරමුණක් බුදුසමය තුළ අප්‍රකට ය. බුදුසමයට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය තුළ එසේ ම මිනිස්කමේ සීමා තුළ සෑම සබඳතාවක් ම රඳවාගෙන ජීවිතයට නිවැරදි දෘෂ්ටියක් ලබාදීම යි.

             පශ්චාත්නූතන චින්තකයන් විසින් ලිංගිකත්වය පිළිබඳ ගෙනෙන ප්‍රබල තර්කයක් ඇත. ඔවුන්ගේ විග්‍රහයට අනුව ලිංගිකත්වය පිළිබඳ සකස් වී ඇති නීති-රීති සේ ම ආකල්ප ද අනෙක් බොහෝ දේ පරිදි ම මිනිසා විසින් සිය සංස්කෘතික අංගයක් සේ සකස් කරගෙන ඇත. එනිසා එවන් සංස්කෘතික නිර්මාණයක් වෙනස් නොකළ යුතු පූජනීය අංගයක් ලෙසින් ඔවුහු නොපිළිගනිති. මෙම කරුණ සමඟ බුදුසමය ද එකඟ වෙයි. එසේ ම පශ්චාත් නූතනවාදීන්ට අනුව මිනිසාගේ ලිංගිකත්වය, ලිංගිකකාරණය සහ ලිංග භේදයන්, එසේ ම ඒ හා බැඳී පවතින දේශපාලන බල ව්‍යූහයත් ලිංගික සංකේත කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වීම ද ස්වාභාවික වූවක් නො වේ.එය සංස්කෘතික වූවකි. මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය තවතවත් වර්ධනය වන, අධිකාරීමය ලක්‍ෂණ තම පෞරුෂය තුළ වැඩෙන ලක්‍ෂණ බුදුසමය අගය නො කරයි. ලිංගිකත්වය පිළිබඳ පවතින සම්බන්ධතාව විසංයෝජනය කිරීමට බුදුසමය එරෙහි නො වේ. අනිත්‍යය පිළිබඳ බෞද්ධ ආකල්පය මෙම පරිවර්තන කාර්ය විෂයයෙහි ද ආදේශ කළ හැකි ය. ප්‍රත්‍ය සම්බන්ධතාව වෙනස් කළ විට ඕනෑ ම තත්ත්වයක ප්‍රතිඵලය වෙනස් වීම අවශ්‍යයෙන් ම සිදු වෙයි. බුද්ධ කාලීන රහතන් වහන්සේ සමාජය තුළ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ම අන්තර්ගත විය. 

           බුදුසමය මිනිසා හඳුනාගන්නේ ලෝකයේ පාලකයා ලෙසින් නො ව, සුවිශේෂ බුද්ධියක් සහිත පරිපූර්ණත්වයට පත් වීමේ වඩා ශක්‍යතාවක් සහිත ජීවියකු ලෙසිනි. මිනිසා ලිංගිකත්වයට විසංවාදී හෝ පරිබාහිර අංශයක් නො වේ. යම් යම් ජෛවීය සබඳතා සහ මානසික ආකල්ප සමඟ ලිංගිකත්වයේ ඇති ප්‍රබලත්වය බුදුසමයෙහි පිළිගැනේ. මහායාන බුදුසමයේ වජ්‍රායාන හා තන්ත්‍රයාන වැනි ඇතැම් සම්ප්‍රදායයන්හිදී නම් සම්භෝගයෙන් සුරතාන්තයට පත් වීම විමුක්තියට යම් යම් අංශ මඟින් සම වන බව පිළිගැනේ. එසේ ම සෙන් සම්ප්‍රදාය තුළදී මිනිසා පරාර්ථකාමී වීමේ ප්‍රබල අවස්ථාවක් ලෙස සංසර්ගය හඳුනාගැනේ.මිනිසා විසින් මිනිසත් බව ආරක්ෂා කළ යුතු බව බෞද්ධ විග්‍රහය යි. 

            එහෙත් ලිංගිකත්වය අමනුෂ්‍ය කාර්යයක් බව ඉන් ගම්‍ය නො වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නිවැරැදි වන විට බුදුසමය ‘ධම්මික’ හෙවත් නිවැරැදි ලිංගික සමවායක් බව පිළිගනියි. ඇතැම් විට එම දර්ශනය ප්‍රභවය වූ සංස්කෘතියට සාපේක්ෂ ව තිබූ ඇගැයුම් සමඟ සමගාමී ව මෙවැනි ආකල්පයන් ප්‍රකාශ වූවා ද විය හැකි ය. ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන සබඳතා අතර ස්පර්ශය හෙවත් කායික සබඳතාව ඉතා ප්‍රබල භාවයක්, චිත්ත වේගයක් බව ‘ඉත්ථි බන්‍ධන’ හා ‘පුරුෂ බන්‍ධන’ සූත්‍ර මඟින් හෙළි කරයි.

         එහෙත් මෙම විග‍්‍රහය තුළ කුමනාකාරයක හෝ ස්ත්‍රී ආධිපත්‍යයක් හෝ පුරුෂාධිපත්‍යයක් ප්‍රකාශ නොවේ. මනුෂ්‍යත්වයේ හෝ පෘථග්ජන ජීවිතයේ භාවමය අංශයේ ස්වභාවය කුමක් ද යන්න පොදුවේ ප්‍රකාශ කරයි. බුදුසමය මිනිස් ලිංගික ක්‍රියා විෂයයෙහි ප්‍රතිවිරෝධතාවක් නොදක්වන බව මෙම එක් පැහැදිලි කිරීමකින් වුව ද පැහැදිලි ය.
බුද්ධකාලය වර්තමාන ලෝකයට සාපේක්ෂ ව සංකීර්ණ නොවුණ ද ලිංගිකත්වය සම්බන්ධ විවිධ වෛවාරණ ක්‍රම භාවිත වූ බවට විනය පිටකය සාක්‍ෂි දරයි. විශේෂයෙන් පාරාජිකා පාළිය මෙයට නිදසුනකි. පළමු පාරාජිකාපත්තිය සේ ම පළමු සංඝාදිසේසාපත්තියත් ලිංගික චර්යාව හා සම්බන්ධ වීමෙන් එහි ප්‍රමුඛ බව ස්ඵුට වෙයි. භික්ෂූන් වහන්සේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වූ පිරිසක් බැවින් ‘බ්‍රහ්ම චරිය’ වාසය ඔවුනට දැඩි සේ අවධාරණය කරයි. එහෙත් සාමාන්‍ය මිනිසුන් වන කාන්තාවන්, පුරුෂයන්, පණ්ඩවයන් හා උභතෝ බ්‍යඤ්ජනකයන් සමග විවිධ ලිංගික කාර්යයන් භික්ෂූන් විසින් පවත්වනු ලැබූ ආකාරයට ප්‍රමාණවත් උදාහරණ ඉහත දැක්වූ මූලාශය තුළ ප්‍රකට වෙයි.

        එකල මිනිසුන් විසින් ලිංගික ආස්වාදය ලැබීමට භාවිත කල ක්‍රම හා ඉරියවු රැසක් ද එහිදී විදහා දැක්වේ. වසමග, පසමග, මුවග, කලවා සංසර්ගය, රහසග හෝ නැබ ගැටීම, උදර ගැටියෙහි ගැටීම, කිසිල්ලෙහි ගැටීම, හස්ත උපක්‍රම භාවිතය (පාරාජිකා පාලි 93 - 94 - 95 - 69 - 80 පිටු අංක ) ආදි විවිධ අංශ ඒ අතර වෙයි. භික්ෂූන් වහන්සේ බ්‍රහ්මචර්යා වාසය අනුගමනය කිරීමට බැඳී සිටින බැවින් සියලු ආකාරයේ ලිංගික ක්‍රියා බැහැර කිරීමට බුදුසමය උපදෙස් දෙයි.

(මෙම ලිපියේ ඉතිරිය ඉදිරි ලිපියෙන් පලකෙරේ)

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි